සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 877

සඵල

න. පල සහිත, ප්‍රයොජන සහිත, විපාක සහිත. (පි. 501)

සබල

පු. කඹුරුවන් පැහැය, කබර. (පි. 501)

සබ්බ

√ භු. ගමනෙ, යාමෙහි, සබ්බති, යෙයි.
පු. ඊශ්වරයා, මහ දෙවියා.
ති. සියල්ල, සකල, සර්‍ව.
√ භු. පීඩායං, පෙළීමෙහි, සබ්බති, පෙළයි. (පි. 501)

සබ්බඤ්ඤු

පු. සර්‍වඥ, සියල්ල දත් තැනැත්තා. (පි. 502)

සබ්බඤ්ඤුතඤාණ

න. සර්‍වඥතාඥානය, සියල්ල දැනගන්නා නුවන. (පි. 502)

සබ්බඤ්ඤුතා

ඉ. සර්‍වඥතා ඥානය. (පි. 502)

සබ්බත්ථක

ති. සියල්ල කරන. (පි. 501)

සබ්බත්ථතා

සැමතන්හි පැතිරීම් බව. (පි. 502)

සබ්බත්ථික

ති. සෑම වේලෙහි ප්‍රයෝජන ඇති, (පි. 501)

සබ්බත්‍ර

අ. සියලු තන්හි, සෑම තැන. (පි. 502)

සබ්බතො

අ. හාත්පසින්, සර්‍වප්‍ර‍කාරයෙන්. (පි. 501)

සබ්බතොභද්ද

පු. කොසඹ ගස. (පි. 501)

සබ්බථා

අ. සියලු ආකාරයෙන්, සෑම විධියෙන්. (පි. 502)

සබ්බදස්සාවී

පු. සියල්ල දක්නා සුළු තැනැත්තා, බුදුරජ. (පි. 502)

සබ්බදා

අ. සියලු කාලයෙහි, සෑමදාම. (පි. 502)

සබ්බධි

ඉ. සැම තන්හි, සෑම තැනම. (පි. 502)

සබ්බභුම්ම

පු. සක්විතිරජ, එනම් දිගතා. (පි. 502)

සබ්බරස

පු. දුම්මල, සියලු රසය. (පි. 502)

සබ්බවිදූ

පු. සියල්ල දත් තැනැත්තා, සර්‍වඥයන් වහන්සේ. (පි. 502)

සබ්බසො

අ. සර්‍වප්‍ර‍කාරයෙන්, හාත්පසින්. (පි. 502)

සබ්බ්‍යට්ඨ

පු. රියදුරා, රථාචාර්‍ය්‍යයා. (පි. 502)

සබ්බානුභූති

ඉ. සුදු ත්‍ර‍ස්තවාලු. (පි. 502)

සබ්බාභිභු

පු. සියල්ල මැඩ පවත්වන තැනැත්තා, බුදුරජ. (පි. 502)

සබ්බාසව

පු. සියලු ආශ්‍ර‍ව, සියලු කෙලෙස්. (පි. 502)