සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 878

සබ්බීති

ඉ. සියලු උවදුරු, සර්‍වොපද්‍ර‍ව. (පි. 502)

සබ්බුපාදාන

න. සියලු උපාදාන, කාමොපාදානාදි සියල්ල. (පි. 502)

සබ්භි

පු. සත්පුරුෂයා. (පි. 502)

සබ්‍රහ්මක

පු. බ්‍ර‍හ්මයා සහිත. (පි. 502)

සබ්‍රහ්මචාරී

පු. සමාන බ්‍ර‍හ්මචරියාව ඇත්තා, සබ්රම් සොරහු, සමාන බඹසර ඇත්තා. (පි. 502)

සබි

√ භු. මණ්ඩණෙ, සැරසීමෙහි,
චු. පරිමණ්ඩලෙ, පිරිමඩුලු බැව්හි, සබ්බෙති, සබ්බයති, පිරිමඩුලු ඇති කෙරේ. (පි. 501)

සභග්ගත

පු. සභාවට පැමිණි. (පි. 502)

සභ්‍ය

ති. සභාවෙහි නියුක්ත, සභාවට සුදුසු, ආඩ්‍ය කුල ඇත්තා. (පි. 502)

සභා

ඉ. සභාව, සබය, සාලාව. (පි. 502)

සභාග

ති. සමාන, එකසමාන. (පි. 502)

සභාගවුත්ති

ඉ. සමාන පැවැත්ම. (පි. 502)

සභාජ

√ චු. පීතිසෙවනෙසු, ප්‍රීතියෙහි හා සෙවනයෙහි, සභාජෙති සභාජයති, ප්‍රීති වෙයි, සේවනයකරයි. (පි. 502)

සභාධම්ම

පු. සුවසේ උන්නවුන් නොසෙල්වා එක පසකින් ඇතුළ් වීම. (පි. 502)

සභාපති

පු. සභාවේ අධිපතියා, සභානායකයා. (පි. 502)

සභාව

පු. ස්වභාවය, ගතිය. (පි. 502)

සභාවධම්ම

පු. ස්වභාව ධර්‍මය, ස්වභාව ගතිය. (පි. 502)

සභොග

පු. භොග සහිත. (පි. 502)

සම

√ පු. සන්සිඳීම, ශ්‍ර‍මය, වෙහෙස.
අ. සහාර්ථයෙහි, සමානයෙහි.
√ චු. දස්සනෙ, බැලීමෙහි, සාමෙති, සාමයති, බලයි.
√ භු. ඔලොකනෙ, බැලීමෙහි, සමති, බලයි.
√ චු. විතක්කෙ, විතර්‍කයෙහි, සමෙති, සමයති විතර්‍කකරයි, තර්කණය කරයි.
ති. සදෘශ, සමාන. (පි. 506)

සමග්ග

ති. සමගි, සියලු. (පි. 506)

සමඞ්ගා

ඉ. වැල්මදට. (පි. 506)

සමඞ්ගී

යුක්ත, යෙදුන, ගැවසීගත්, සමඞ්ගිතා. (පි. 506)

සමචරිය

පු. සමවූ පැවැත්ම. (පි. 506)

සමචාරී

ති. සමව හැසිරෙන්නා. (පි. 506)

සමචිත්ත

න. සමාන සිත් ඇත්තා. (පි. 506)