සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 880

සමථ

පු. සමාධිය, සන්සිඳීම. (පි. 507)

සමථයාන

න. ධ්‍යාන මාර්‍ගාදිය උපදවමින් නිවන් යන. (පි. 507)

සමථයානික

පු. ධ්‍යාන මාර්‍ගාදිය උපදවමින් නිවන් යන්නා. (පි. 507)

සමධිගච්ඡති

ක්‍රි. (√ භු. ගමු, ගතියං යෑමෙහි +ති) ලබයි, පැමිණෙයි. (පි. 507)

සමධිගණ්හාති

ක්‍රි. (√ භු. ගහ, උපාදානෙ ගැනීමෙහි +ති) ගනියි. (පි. 507)

සමධිගත

ති. ලබනලද, පැමිණෙන ලද. (පි. 507)

සමන

පු. යමයා, යමරජ. (පි. 507)

සමනන්තර

අනතුරු, ඊට ඉක්බිති, ඊළඟ. (පි. 507)

සමන්ත

ති. හාත්පස. (පි. 507)

සමන්තචක්ඛූ

පු. සමතැස් ඇත්තා, බුදුරජ. (පි. 507)

සමන්තදුද්ධා

ඉ. සීනුක් ගස. (පි. 507)

සමන්තපාසාදී

පු. හාත්පසින් පහදවන්නා, සියල්ල පහදවන්නා. (පි. 507)

සමන්තභද්ද

පු. සමන්තභද්‍ර‍, බුදුරජ. (පි. 507)

සමන්තා

අ. හාත්පස, එකාංසය. (පි. 507)

සමන්නතො

අ. හාත්පසින්, වටේට. (පි. 507)

සමන්නාගත

ති. යුක්ත, යෙදුනු. (පි. 507)

සමන්නානෙති

ක්‍රි. (√ භු. නී. නයෙ, පැමිණවීමෙහි +ණෙ+ති) පමුණුවයි. (පි. 507)

සමන්නාහත

ති. හාත්පසින් නසන ලද. (පි. 507)

සමන්නාහරති

ක්‍රි. (සමං+අනු+ආහරති) කල්පනාකරයි. (පි. 507)

සමන්නාහාර

න. යොමුකිරීම, එක්තැන් කිරීම. (පි. 507)

සමන්නෙසති

ක්‍රි. (√ භු. එස, එසනෙ, සෙවීමෙහි +ණෙ+ති) මනාව පරීක්ෂාකර බලයි. (පි. 507)

සමන්නෙසන

න. ගවෙසනය, සෙවීම. (පි. 507)

සමන්වෙසති

ක්‍රි. (√ භු. එස, එසනෙ, සෙවීමෙහි +ණෙ+ති) (සම+අනු+එසති) සොයයි, මනාව බලයි. (පි. 507)

සමන්වෙසන

න. මනාව බැලීම, සම්‍යග් දර්‍ශනය. (පි. 507)