සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 892

සමාධිපරික්ඛාර

න. සමාධිය ලබා ගැනීමට උවමනා ප්‍ර‍ත්‍යය. (පි. 508)

සමාධිබල

න. සමාධි නැමැති බලය. (පි. 508)

සමාධිභාවනා

ඉ. සමාධි භාවනාව. (පි. 508)

සමාධියති

ක්‍රි. (√ භු. ධා. ධාරණෙ, දැරීමෙහි +ති) සමාධියට සමවදියි. (පි. 508)

සමාධිසම්බොජ්ඣඞ්ග

පු. සමාධිසබොජ්ඣඞ්ගය. (පි. 508)

සමාන

න. අභින්නාර්‍ථය, සදෘශ, විද්‍යමානදෙය. (පි. 508)

සමානත්ත

න. සමානත්වය, සමානබව, (පි. 508)

සමානත්තතා

ඉ. සමානාත්මභාවය, තමා හා සමානව සැලකීම් බව. (පි. 508)

සමානවස්සික

පු. සමානවස් ඇත්තා. (පි. 508)

සමානවාස

පු. සදෘශවාසය, එකඟවාසය. (පි. 508)

සමානසංවාසක

පු. ශික්ෂාලබ්ධි ආදියෙන් සමාන පැවතුම් ඇත්තා. (පි. 508)

සමානසීමා

ඉ. සමාන සීමාව, එකම සීමාවට අයිති. (පි. 509)

සමානිය

ති. සමානව, සමලෙස. (පි. 508)

සමානීත

ති. ගෙන ආ, ගෙන එන ලද, බේරණ ලද. (පි. 508)

සමාපජ්ජන

න. සමවැදීම, ඇතුළත් වීම. (පි. 509)

සමාපජ්ජිත

ති. සමවදනා ලද, ඇතුළත් වන ලද. (පි. 509)

සමාපටිපත්ති

ඉ. සමාන වූ ප්‍ර‍තිපත්තිය. (පි. 509)

සමාපත්ති

ඉ. අෂ්ටසමාපත්තිය, පැමිණීම. (පි. 509)

සමාපත්තිකුසලතා

ඉ. සමාපත්තියෙහි දක්ෂ බව. (පි. 509)

සමාපත්තිභාවනා

ඉ. අෂ්ටසමාපත්ති ලාභය පිණිස කරන භාවනාව. (පි. 509)

සමාපන

න. පරිසමාප්තිය, අවසානය. (පි. 508)

සමාපන්ත

පු. පැමිණි, අවන් ප්‍රාප්ත. (පි. 509)

සමායාති

ක්‍රි. (√ භු. යා ගතියං ගමන්හි +ති) එකට එක් වෙයි. (පි. 509)

සමායුත

ති. සංයුක්ත, එකමුතු, (පි. 509)