සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 893
සමායොග
පු. සම්යයොගය, මනාව යෙදීම. (පි. 509)
සමාරක
න. අඩංගු කිරීම. (පි. 509)
සමාරද්ධ
ති. ආරම්භ කළ, ඇරඹූ. (පි. 509)
සමාරභති
ක්‍රි. (√ භු. රභ, රාභස්සෙ, උත්සාහයෙහි +ති) පටන් ගනියි. (පි. 509)
සමාරම්භ
න. ආරම්භ කිරීම, ඇරඹීම. (පි. 509)
සමාරුළ්හ
ති. නැගුනු, ඇතුළ් වුනු. (පි. 509)
සමාරූහන
න. නැගීම. (පි. 509)
සමාරොචන
න. සුදුසු ලෙස ආරෝචනය කිරීම. (පි. 509)
සමාරොපන
න. නැගීම, නෙත්ති ප්‍රකරණයෙහි එන හාරයන් ගෙන් එකක්. (පි. 509)
සමාලපති
ක්‍රි. (√ භු. ලප, ආලාපෙ කථාවෙහි +ති) කථා කරයි. (පි. 509)
සමාලපන
න. කථා කිරීම, බිණීම. (පි. 509)
සමාලපිත
පු. කියන ලද, ප්‍රකාශිත. (පි. 509)
සමාස
පු. සංක්ෂෙපය, සමාස විධිය. (පි. 509)
සමාසන්න
ආසන්න කාරණය, කිට්ටු, සමීප, ළඟ. (පි. 509)
සමාසාදෙති
ක්‍රි. (√ භු. සාද සාදනෙ, රස විඳීමෙහි +ණෙ+ති) ලබා ගනියි. (පි. 509)
සමාසෙවන
න. සේවනය, ආශ්‍රය. (පි. 509)
සමාහත
ති. ගසන ලද, පහර දෙන ලද. (පි. 509)
සමාහරණ
න. රැස්කිරීම. (පි. 509)
සමාහාර
පු. පිඬු කිරීම, රැස් කිරීම, සමුච්චය. (පි. 509)
සමාහිත
ති. එකඟවන ලද, සංසිඳුවන ලද (පි. 509)
සමාහිතත්ත
න. එකඟ බව, සංසිඳවන බව (පි. 509)
සමිජ්ඣති
ක්‍රි. √ භු. ඉධ සිද්ධියං සිදුවීමෙහි +ති) සමෘද්ධ වෙයි, සිදුවෙයි. (පි. 509)
සමිජ්ඣන
න. සමෘද්ධවීම, සම්පූර්ණවීම, සිදුවීම. (පි. 509)
සමිජ්ඣිට්ඨ
ති. ආඥා කළ, අයදුම් කළ. (පි. 509)