සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 894
සමිජ්ඣිත
ති. සිදුවන ලද, සමෘද්ධවන ලද. (පි. 509)
සමිත
ති. සංසිඳුවන ලද. (පි. 509)
සමිතාවී
පු. කෙලෙසුන් සන්සිඳුවන ලද තැනැත්තා, චතුරාර්ය්ය සත්ය ධර්මයන් අවබෝධ කළ තැනැත්තා. (පි. 509)
සමිති
ඉ. සමූහය, සඞ්ගමය. (පි. 509)
සමිද්ධ
ති. සමෘද්ධ, කාර්ය්ය සිද්ධියට පැමිණි. (පි. 509)
සමිද්ධික
පු. සමෘද්ධිමත් තැනැත්තා, පොහොසතා. (පි. 509)
සමිධා
ඉ. දර. (පි. 509)
සමිහිත
ති. රැස්කළ, රචිත. (පි. 509)
සමී
ඉ. සැම ගස, (පි. 509)
සමීචි
ඉ. හරි, පරිපාටිය, අනුක්රමය. (පි. 509)
සමීප
ඉ. සමීපය, ළඟ. (පි. 509)
සමීපක
ති. ළඟ තිබෙන, ළඟ ඇති. (පි. 509)
සමීපචාරී
පු. සමීපයෙහි හැසිරෙන්නා. (පි. 509)
සමීපට්ඨ
පු. සමීපස්ථ, ළඟ පිහිටි. (පි. 509)
සමීර
න. සුළඟ, වාතය. (පි. 509)
සමීරණ
පු. සුළඟ, වාතය, මුරුවා. (පි. 509)
සමීරති
ක්රි. (√ භු. ඉර, කම්පනෙ කම්පනයෙහි +ති) කම්පනය වෙයි, සෙලවෙයි. (පි. 509)
සමීරිත
ති. සැලුනු, සෙලවුනු. (පි. 509)
සමීහිත
පු. බලවත් උත්සාහය, ව්යාපාරය. (පි. 509)
සමු
√ භු. භක්ඛනෙ, කෑමෙහි, සමති කයි.
√ දි. සාන්තෙ, සංසඳීමෙහි, බැගෑපත් වීමෙහි, සම්මති, උපසම්මති, සන්සිඳෙයි.
√ චු. ලාලනෙ දස්සනෙච. නැලවීමෙහි දැකීමෙහි. (පි. 509)
සමුක්කංසති
ක්රි. (√ භු. කස, ගතියං, යෑමෙහි +ති) ස්තුති කරයි. (පි. 510)
සමුක්කට්ඨ
ති. උත්කෘෂ්ට, උච්ච, උසස්. (පි. 510)
සමුක්කොචන
න. උසස් කොට කථා කිරීම, (පි. 510)
සමුක්ඛෙපන
න. හාත්පසින් උසස් කොට කල්පනා කිරීම, හාත් පසින් උක්ෂෙපණය කිරීම. (පි. 510)