සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 891

සමා

ඉ. හවුරුද්ද. (පි. 508)

සමාකිණ්ණ

ති. සමාකීණි, ගැවසීගත්. (පි. 508)

සමාකුළ

අතිශයින් ආකුළ. (පි. 508)

සමාගච්ඡති

ක්‍රි. (√ භු. ගමු, ගතියං, යෑමෙහි +ති) රැස්වෙයි. (පි. 508)

සමාගත

ති. රැස්වූ, පැමිණි.
පු. පැමිණි, සම්ප්‍රාප්ත. (පි. 508)

සමාගම

පු. සඞ්ගමය, සමිතිය, එක්රැස්වීම. (පි. 508)

සමාචරති

ක්‍රි. (√ භු. චර, චරණෙ, හැසිරීමෙහි +ති) හැසිරෙයි. (පි. 508)

සමාචාර

පු. හැසිරීම. (පි. 508)

සමාතප

න. උත්සාහවත්කම, ධෛර්‍ය්‍යමත්භාවය. (පි. 508)

සමාදන

න. සමාදන් කරවීම, ගැනීම. (පි. 508)

සමාදපක

පු. සමාදන් කරවන්නා. (පි. 508)

සමාදපන

න. සමාදන්කරවිම. (පි. 508)

සමාදපෙති

ක්‍රි. (√ භු. දප, මොහනෙසු, මොහනයෙහි +ණෙ+ති) සමාදන් කරවයි. (පි. 508)

සමාදහති

ක්‍රි. √ භු. දහ, ධාරණෙ, දැරීමෙහි +ති) එක් තැන්කරයි, දවයි. (පි. 508)

සමාදහන

න. දැවීම, රැස්කිරීම. (පි. 508)

සමාදාන

න. ගැනීම, සමාදන්වීම. (පි. 508)

සමාදානවිරති

ඉ. ශික්ෂාපද සමාදානයන් අකුශලයෙන් වෙන්වීම. (පි. 508)

සමාදින්න

ති. ගන්නා ලද, ග්‍ර‍හණයකළ. (පි. 508)

සමාදියති

ක්‍රි. (√ භු. දානෙ, දීමෙහි +ති) සමාදන් වෙයි. (පි. 508)

සමාධාන

න. එකට තැබීම, සවිකිරීම. (පි. 508)

සමාධි

ඉ. සමාධිය, සිතඑක්තැන් කිරීම. (පි. 508)

සමාධික

ති. බහුල, බොහෝ. (පි. 508)

සමාධින්ද්‍රිය

න. සමාධි නැමැති ඉන්ද්‍රිය. (පි. 508)

සමාධිපරික්ඛන්ධ

පු. සමාධි ස්කන්ධය. (පි. 508)