සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 899

සමොත්ත

ති. විසුරුවනලද, පතුරුවනලද. (පි. 511)

සමොදහති

ක්‍රි. (√ භු. දහ, ධාරණෙ, දැරීමෙහි +ති) එකතු කරයි, සපයයි. (පි. 511)

සමොදහන

න. එකතු කිරීම, රැස් කිරීම. (පි. 511)

සමොධාන

න. සංස්ථානය, වින්‍යාසය, පිළිවෙළට තැබීම.
න. එකතු කිරීම, රැස් කිරීම, සම්බන්ධ කිරීම. (පි. 512)

සමොධානතා

ඉ. එක්වීම, සංයොගවීම, සම්බන්ධවීම, රාශිභූත වීම. (පි. 512)

සමොධානපරිවාස

පු. ශාසනික පිළිවෙතක්, පිරිවෙස් පිරීමාදියෙහිදී අනුගමනය කළයුතු පිළිවෙතක්. (පි. 512)

සමොරොධ

පු. අවහිරය, බාධාව. (පි. 512)

සමොසරණ

න. එක්රැස්වීම, ඒකරාශිවීම. (පි. 512)

සමොසරති

ක්‍රි. (√ භු. සර, චින්තායං, සිතීමෙහි +ති) රැස්වෙයි, එක්කාසුවෙයි. (පි. 512)

සමොහිත

පු. මනාකොට පිහිටුවන ලද, යහපත්ව තැබූ (පි. 512)

සය

පු. අත; හස්තය. (පි. 512)

සයං

අ. තමා විසින්, තමාගේ යනාර්‍ථයෙහි. (පි. 512)

සයංකත

පු. තමාම කළ. (පි. 512)

සයංජාත

පු. තමාම හෝ ඉබේ හටගත්, ස්වයංජාත. (පි. 512)

සයංපභා

ඉ. තමාගේම ප්‍ර‍භාව, දේව වර්‍ගයක්. (පි. 512)

සයංවර

පු. කාන්තාවක් තමන් විසින්ම තමාගේ හිමියා සොයාගැනීම. (පි. 512)

සයංවරා

ඉ. ස්වෙච්ඡාවෙන් වල්ලභයන් සොයන්නී. (පි. 512)

සයංවසී

පු. තමාට වසඟවූ, නිදහස්. (පි. 512)

සයංසිද්ධ

පු. ඉබේම සිදුවූ. (පි. 512)

සයති

ක්‍රි. (√ භු. සි, සයෙ, නිදාගැනීමෙහි +ති) සයනය කරයි. (පි. 512)

සයථාපි

අ. යම්සේ, සෙය්‍යථාපි. (පි. 512)

සයථු

පු. ඉදිඹුවා, සොඵය. (පි. 512)

සයනං

න. යහන, සැතපෙන ස්ථානය, මඤ්චාදිය. (පි. 512)

සයනිගහ

න. ලගින ගෙය, නිදන ඔවරකය සයනිඝර. (පි. 512)