සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1205
මයෝකොමාව
නා. (සත්ව.) අක්රානියා වර්ගයට අයත් සතුන්ගේ ශරීර බිත්තියෙහි පේශි ඛණ්ඩවල පූර්ව සහ අපර සම්බන්ධක පටක බිත්තිය ; පේශීප්රාචීරය.
මයෝසීන යුගය
නා. ඔලිගොසීන සහ ප්ලයෝසීන අවධි අතර වූ භූවිද්යාත්මක කාලය.
මර
1. නා.ප්ර. ජීවිත හානිය ; මරණය.
2. රශ්මිය ; කිරණ.
3. කාලය ; වේලාව.
මර උගුල
නා. කෙනකු විපතට පමුණුවන උපක්රමය ; මරණය ගෙන දෙන ප්රයෝගය.
මර ගින්න
නා. මරණයට කැප වූවකු තුළ ඇති වන වේදනාව ; මරණදාහය.
මර දෙව් පිත්
නා.ප්ර. වසවර්ති මාර දිව්යපුත්රයා.
මර යෝගය
නා. (ජ්යෝති.) මරණය ගෙන දෙන ගුහ යෙදීම.
මර ලතෝනිය
නා. බලවත් බියකින් හෝ දැඩි වේදනාවකින් කෙනකු නංවන විලාපය.
මර විකල්ල
(කථා.) නා. මරණය ළං වූ අවස්ථාවේ දී ඇති වන සිහිවිකල බව.
මරකත
නා.ප්ර. මරාමිණී නම් මැණික් වර්ගය ; ගරුඩ පාෂාණය.
මරක්කයා
(කථා.) නා. මුස්ලිම් ජාතිකයා ; මහමදිකයා.
මරක්කලයා
1. නා. මරක්කයා.
2. නාවිකයා ; යාත්රාකාරයා හෝ යාත්රාවක ප්රධානියා.
මරක්කලහේ
නා. (කථා.) මුහුදුබඩ පළාත්වල ඔරු පදවන්නන්ගේ නායකයා.
මරගාතය
1. නා. කරදරය ; අමාරුව ; දුෂ්කරතාව.
2. සිහිවිකලයෙන් කරන ක්රියාව ; විකාරය.
මරඟන
නා.ප්ර. වශවර්ති මාර දිව්යපුත්රයා ගේ දුහිතෘෘන් ලෙස සැලකෙන තණ්හා, රතී, රගා යන තිදෙන.
මරටු
නා.ප්ර. දිරූ ලී කැබලි.
මරටු රුක
නා. වියළී දිරාගිය ගස.
මරණ දඬුවම
නා. අධිකරණයේ නියෝග අනුව වරදකරුවකු වෙත පවරන මරණ දණ්ඩනය.
මරණ පරීක්ෂණය
නා. හදිසි ආපදාවකින් කෙනකු මිය ගිය විට මරණය සිදු වූ අන්දම සොයා බැලීම සඳහා හදිසි මරණ පරීක්ෂකයකු විසින් පවත්වනු ලබන විභාගය.
මරණ බත
නා. මරණාසන්න වූවකුට දෙන ආහාරය.
මරණ භූමිය
නා. වැරදිකරුවන් මරණයට පත් කරන ස්ථානය ; වධක ස්ථානය.
මරණ මඤ්චකය
නා. කෙනකු මිය යන අවස්ථාවේ වැතිර සිටින ඇඳ.
මරණ සතිය
නා. (අභි.) මරණය ගැන නැවත නැවත සිහිකිරීම; සියලු මරණය නියත බව මෙනෙහි කිරීම; මරණානුස්මෘතිය.
මරණ සෙය්යාව
නා. මරණාසන්න නිද්රාව ; කෙනකු මිය යන අවස්ථාවේ පත් වන නින්ද.