සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1204
මයැසීසය
(පාරිභා.) නා. මැස්සන්ගේ කීටයන් හෝ ඉහද පණුවන් විසින් පෘෂ්ඨවංශීන් ආක්‍රමණය කිරීම.
මයික්රෝලිතික
නා.ප්‍ර. ප්රාග් ඓතිහාසික සමයේ අවසාන ශිලා අවධිය ; මිනිසුන් කුඩා ගල් මෙවලම් පාවිච්චි කළ යුගය ; ක්ෂුද්‍ර ශිලා සමය.
මයික්‍රෝ
වි. ඉතා කුඩා ; ක්ෂුද්‍ර.
මයික්‍රෝ කොස්මික් ලවණය
(පාරිභා.) නා. (රසා.) සෝඩියම් ඇමෝනියම් පොස්ෆේට් ලවණය.
මයික්රෝටෝමය
නා. (ජීව.) අන්වීක්ෂයෙන් පරීක්ෂා කිරීම සඳහා පටක හෝ වෙනත් ද්‍රව්‍ය තුනී කොටස්වලට කපන උපකරණයක්.
මයික්රෝතුලාව
නා. (රසා.) ග්‍රෑම් 103 සිට 106 තරම් කුඩා බර මැනීමේ තරාදිය ; සූක්ෂ්ම තුලාව.
මයික්‍රෝනය
(පාරිභා.) නා. (භෞති.) සූක්ෂ්ම මිනුම් ඒකකයක් ; මීටරයකින් දශලක්ෂයෙන් පංගුව.
මයික්‍රෝමීටරය
(පාරිභා.) නා. ඉතා කුඩා දිග හෝ කෝණ මැනීමට භාවිත කරන දුරේක්ෂයකින් හෝ අන්වීක්ෂයකින් සමන්විත උපකරණයක් ; ක්ෂුද්රමානය ; සූක්ෂ්ම මානය.
මයික්රෝස්කෝපය
(පාරිභා.) නා. ඉතා කුඩා වස්තූන් ලොකු කර බැලිය හැකි උපකරණය ; අන්වීක්ෂය ; අනු දක්නය.
මයික්‍රෝෆෝනය
(පාරිභා.) නා. (භෞති.) ඈතින් පිහිටි ලෝහ ප්‍රාචීරයක් කම්පනය වන්නට සලස්වන ධ්වනි තරංග විද්‍යුත් ශක්තිය බවට හරවන උපකරණයක්.
මයිකා
නා.ප්‍ර. එකට බැඳුණු තුනී පතුරු වශයෙන් ඇති මිනිරන් විශේෂයක්; තලාතු මිනිරන්.
මයිනහම
නා. කම්මල්කරුවන්ගේ උදුනේ ගිනි මෙළවීමට සුළං පිඹීම සඳහා සමින් කරන ලද උපකරණය ; කඹුරුහම ; කර්මාර භස්ත්‍රාව.
මයියම
1. නා.ප්‍ර. මායිම ; සීමාව.
2. මැද ; මධ්‍යය.
3. (කථා.) මුහුදේ ගැඹුර සොයනු පිණිස මස් මරන්නන් විසින් යොදන ඊයම් බරුවක් සහිත යොත.
4. මට්ටුව ; මර්දනය ; මෙල්ල වීම.
5. වේලාව ; අවකාසය ; ඉඩප්‍රස්තාව.
6. නිදන් කිරීම ; තැන්පත් කිරීම.
7. බීමත් වීම ; වෙරි වීම.
මයිල
1. නා. මාමා ; මාතුල.
2. සැතපුමක දුර ප්‍රමාණය.
මයිල්
නා.ප්‍ර. රෝම ; ලොම්.
මයිල් පිළිය
නා. ලෝමවලින් තැනූ වස්ත්‍රය ; ලොම් රෙද්ද.
මයිසීලිය
(පාරිභා.) නා. දිලීර සූත්‍රිකාවලින් සමන්විත දිලීරයක තලස ; දිලීර ජාලය.
මයුර පක්ෂ
නා.ප්‍ර. මොනර පිල්.
මයූඛය
නා. රශ්මිය ; කාන්තිය ; ප්‍රභාව.
මයූර
නා.ප්‍ර. මොනරා ; මයුර පක්ෂියා.
මයූරපිච්ඡය
නා. මොනරාගේ පසුපස පිහිටි පිහාටු කළඹ ; මොනර පිල් කළඹ.
මයූරපිඤ්ජ
නා.ප්‍ර. මොනර පිල්.
මයොප්සිඩා
(පාරිභා.) නා.ප්‍ර. ශීර්ෂ පාදිකයන්ගේ ගෝත්‍රයෙහි උප ගෝත්‍රයක ස්වාභාවික සමවායය.
මයොසින්
(පාරිභා.) නා.ප්‍ර. (සත්ව.) පේශී ප්‍රෝටීනයක් ; මෘත කාඨීන්යයට හේතු වන අද්‍රව්‍ය ප්‍රෝටීනයක්.