සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1203
මනෝප්රණිධානය
නා. සිතින් කරන ප්රාර්ථනය ; චිත්තාභ්යන්තරයෙහි ඇති කරගන්නා වූ අධිෂ්ඨානය.
මනෝභාවය
නා. යම්කිසිවක් පිළිබඳ යම් අයකු තුළ ඇති වන අභ්යන්තර සිතිවිලි ; සිත තුළ ඇති වන හැඟීම්.
මනෝමය
වි. සිතෙහි හටගත් ; මනසෙහි උපන් ; සිතින් කරන.
මනෝමය ඍද්ධිය
නා. දියුණු කළ චිත්ත බලයෙන් යම් තැනැත්තකුගේ රූපය මවාපෑමේ ඍද්ධි බලය.
මනෝරථය
නා. සිතෙහි ඇති වන ආශාව ; චිත්තාභිලාසය.
මනෝරම
වි. සිත්කලු ; මනෝරම්ය.- නා.ප්ර. පුරාණ වාස්තු විද්යාවෙහි සඳහන් සොළොස් වැදෑරුම් ගෘහ වර්ගවලින් එකක්.
මනෝරාජ්යය
නා. සිතින් මවා ගන්නා ලෝකය ; සියලු දෙයින් සම්පූර්ණ යැයි කල්පනා කරනු ලබන ලෝකය.
මනෝරාජිත
වි. සිතෙන් උපදවා ගත් ; අද්භූත ; කල්පිත.
මනෝරූපියා
නා. මනස ම රූපය කොට ඇති සත්වයා.
මනෝවිඤ්ඤාණය
නා. මනෝ ද්වාරයේත් ආරම්මණයේත් එක්වීම නිසා උපදනා සිත.
මනෝවිද්යාව
නා. සිත, එහි ව්යුහය හා ක්රියාකාරිත්වය පිළිබඳ ගවේෂණය හා සම්බන්ධ විද්යාංශය.
මනෝවෘත්තිය
1. නා. මනසෙහි ක්රියාකාරිත්වය ; සිතෙහි හැසිරීම් රටාව.
2. මානසික රෝගය.
මනෝසඤ්චේතනා
නා.ප්ර. කුසලාකුසල කර්ම.
මනෝහර
වි. සිත් පැහැර ගන්නා වූ ; සිත් අලවන ; මනහර.
නා.ප්ර. සිතුමිණි රුවන ; චින්තාමාණික්යය රත්නය.
මඳ
නා.ප්ර. ස්වල්ප ; ටික.
මඳනල
නා.ප්ර. දැඩි නොවූ සුළඟ ; මද පවන ; මන්ද මාරුතය.
මඳලස
1. නා. ලාලිත්යයෙන් යුත් අනායාසයෙන් එන මඳ සිනහව ; නෙත් කොන් බැල්මෙන් යුත් මඳ සිනහව.
2. මඳ අලස බව ; මඳ පමාව.
මඳාරා
1. නා.ප්ර. තද රතු මල් හට ගැනෙන එරබදු ගස ; මන්දාර වෘක්ෂය.
2. මන්දාර පර්වතය ; මහාමේරූ පර්වතය.
3. දිව්ය ලෝකයෙහි ඇතැයි විශ්වාස කෙරෙන මන්දාර වෘක්ෂය.
මඳොවි
නා.ප්ර. අහස් ගඟ ; දිව්ය නදිය ; මන්දාකිණිය.
මම
සර්ව. ‛ම’ ශබ්දයෙහි උත්තම පුරුෂ ඒකවචන රූපය ; උත්තම පුරුෂ ප්රථමා විභක්ති ඒක වචනය ; තමා.
මමංකාරය
නා. මගේ යැයි සිතීම; තමා ගේ බලය ගැන සැලකීම ; මාගේ යන හැඟීම ; මමත්වය ; මමායනය.
මමකරා මැණ
නා. සිතූ පැතූ සම්පත් දෙන මාණික්යය ; සිතුමිණ ; චිත්තා මාණික්යය.
මයල සෛලය
(පාරිභා.) නා. (සත්ව.) රතු ඇට මිදුලුවේ සංවෘත කෝටරයක් තුළ වූ සෛල විශේෂයක් ; ඇට මිදුලු සෛලය ; මිදුලු සෛලය ; ක්ෂෝද සෛලය.
මයලින්
(පාරිභා.) නා. ප්රෝටීන් සමඟ එකතු වී ලොකු ස්නායු තන්තුවල කොපුවක් වශයෙන් තිබෙන සුදු පැහැති මේදමය ද්රව්යය ; මිංජා.