සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1202
මන්යා
වි. (සත්ව.) බෙල්ල පිළිබඳව.
නා.ප්ර. බෙල්ල පිටුපස මහ නහර දෙක.
මන්යාශිරා
නා.ප්ර. (සත්ව.) පෘෂ්ඨවංශීන්ගේ හිසේ විශේෂයෙන් ම මොළයේ ලේ ආපසු ගෙනෙන ප්රධාන ශිරා.
මනා
1. වි. යහපත් ; සිත්කලු ; මනෝඥ.
2. සුදුසු ; යෝග්ය ; යුතු.
මනාප
වි. සිත පිනවන ; රුචි වූ ; කැමැති ; ප්රිය වූ.
මනාපය
නා. කැමැත්ත ; රුචිය ; සතුට ; අභිලාෂය.
මනාව
නා. පත දෙකක (ධාන්ය) ප්රමාණය ; නැළි බාගය.
මනැස
නා. සිත නමැති ඇස ; චිත්තය.
මනි ඕඩරය
නා. යම් පුද්ගලයකු විසින් වෙනත් පුද්ගලයකුට තැපැල් මගින් මුදල් යවන ඇණවුම ; මුදල් ඇණවුම.
මනිනවා
1. ක්රි. යම් දෙයක දිග, ඝනත්වය, බර ආදිය නිගමනය කරනවා.
2. යම් පුද්ගලයකුගේ තරාතිරම නිගමනය කරනවා.
මනින්ද්රිය
නා.ප්ර. සිත නමැති ඉන්ද්රිය.
මනු
1. නා.ප්ර. ලෝකෝත්පත්ති කථාවල සඳහන් පරිදි මනුෂ්ය වර්ගයාගේ ආදිතමයා ; මහා සම්මත රජ පරපුරේ ආරම්භකයා.
2. මනුස්මෘති නම් නීති ග්රන්ථයෙහි කර්තෘවරයා.
3. අවුරුද්ද ; වර්ෂය ; සංවත්සරය.
1. වි. මිනිස් ; මනුෂ්ය.
2. යහපත් ; මනෝඥ ; සිත්කලු.
මනුකුල
නා.ප්ර. මනු රාජවංශය ; මනු රජුගෙන් පැවැත එන පරපුර.
මනුරූපියා
(පාරිභා.) නා. මිනිසකුට සමාන කුඩා ප්රතිරූපියා.
මනුෂ්යධර්ම
නා.ප්ර. මිනිස් ගුණදම් ; දසකුසල් දම් ; දශකුසල කර්ම පථය.
මනුෂ්යයා
නා. මිනිසා.
මනුස්මෘතිය
නා. මනු නමැති පඬිවරයා විසින් රචිත සංස්කෘත ස්මෘති ග්රන්ථවලින් එකක්.
මනෝගුප්ත
වි. සිතෙහි රහසින් තැන්පත් වූ ; සිතෙහි රහස් ලෙස ඇති.
මනෝජ
වි. සිතෙන් හරගත්තා වූ ; මනසින් උපන්.
මනෝජයා
නා. අනංගයා ; කාමදේවයා.
මනෝඥ
වි. සිත් සතුටු කරන්නා වූ ; සිත් අලවන්නා වූ ; සිත්කලු.
මනෝදණ්ඩය
නා. සිතින් විඳිය යුතු දඬුවම ; මානසික දඬුවම.
මනෝදර්පණය
(පාරිභා.) නා. මනසෙහි ඇතුළත පිළිබිඹු කරන කැටපත.
මනෝදර්ශනය
(පාරිභා.) නා. මනසෙහි සස්වභාවයත් ලෝකයේ ඊට හි තැනත් පිළිබඳ වූ දාර්ශනික මතය.
මනෝනුවර්තිවාදය
(පාරිභා.) නා. දාර්ශනික ගැටලු දෙස මනෝවිද්යාත්මක ව බැලීම; මානසික ශාස්ත්රය පිළිබඳ ව මතවාදය.