සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1290
යසරස
නා.ප්ර. කීර්ති නමැති දිය ; යසස් ජලය.
යසශ්රීය
නා. සැපතක් වූ කිර්තිය ; කීර්ති සම්පත්තිය ; යශෝ සම්පත්තිය.
යසස
නා. යස බ.
යසස්කාය
නා.ප්ර. කීර්තිය ; නම්බුව ; යසස.
යසස්වී
නා.ප්ර. යසස් ඇත්තා ; කීර්තිධරයා.
යහ
වි. හොඳ ; යහපත් ; සුන්දර වූ.
යහගුණය
නා. හොඳ චරිත ලක්ෂණය ; යහපත් ස්වභාවය; මනා පැවැත්ම.
යහතින්
ක්රි.වි. හොඳින්; සැපෙන්; සතුටින් ; කරදර රහිතව.
යහද
යහදය
1. නා. දැඩි හිත ; තද හදවත ; අයෝමය හෘදය.
2. ලෝහමය පස් තට්ටුව ; යපස් මිශ්ර පස.
3. යකඩින් සෑදූ උපකරණය.
4. අවිය ; ආයුධය.
යහදසන
නා.ප්ර. මනෝඥ වූ දර්ශනය; සිත් අලවන රූපය ; සතුට දනවන පෙනුම.
යහන
1. නා. සයනය ; ඇඳ ; මඤ්චකය.
2. ආසනය, වේදිකාව.
යහන් ඇඳුම
නා. රාත්රියට අඳින ඇඳුම ; නයිටිය.
යහන් උපකරණ
නා.ප්ර. නිදා ගැනීම සඳහා යහනට අවශ්ය ඇඳ ඇතිරිලි ආදිය ; සයනෝපකරණ.
යහන් ගබඩාව
නා. නිදන කාමරය ; යහන් ගැබ ; ශයනාගාරය.
යහන් හැට්ටය
නා. කාන්තාවන්ගේ උඩුකය වසා ඉඟ දක්වා වැටෙන සේ අඳින බුරුල් හැට්ටයක්.
යහපත
1. නා. පිළිගත යුත්ත ; මනෝඥ කාරණය.
2. ගුණදහම ; සද්ගුණය.
3. වැඩදායී බව ; ප්රයෝජනය ; ශුභ සිද්ධිය ; අභිවෘද්ධිය.
4. ප්රීතිය ; සතුට ; සැපත
5. ප්රයෝජනවත් කටයුත්ත ; ප්රශංසාර්හ කාර්යය.
යහපත්
1. වි. හොඳ ; මනා ; මනෝඥ ; සුන්දර ; සුදුසු ; වැඩදායක.
2. ශුභ ; ගුණදායක ; ප්රයෝජනවත්.
3. මනාකොට ; මැනවින්.
යහමග
නා.ප්ර. යහපත් මාර්ගය ; හරිමග ; නිවැරදි පිළිවෙත.
යහමින්
ක්රි.වි. බෙහෙවින් ; බහුල වසයෙන් ; විශාල ප්රමාණයෙන්.
යහළ
1. නා.ප්ර. අමුණු විස්සක වී ඉසිය හැකි බිම් ප්රමාණය දක්වන පුරාණ සිංහල මිනුම් ප්රමාණයක්.
2. කරත්තයක සපුරා පිරෙන ධාන්ය ප්රමාණය දක්වන පුරාණ මිනුම් ප්රමාණයක්.
යහළු
වි. මිත්ර වූ ; කුළුපහ වූ ; සහාය වූ.
යහළුවා
නා. මිත්රයා ; හිතවතා ; සහායයා.
යහුනු
නා.ප්ර. යකඩ කුඩු අයෝචූර්ණ.