සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1291
යහුල
නා. යකඩ උල ; යවුල ; අයෝමය ශූලය.
යළ
නි. නැවත ; පසු ව ; තව ද ; නැවතත් ; යළිත් ; යළිදු.
යා
1. වි. හොඳ ; යහපත් ; සුවදායක.
2. එකිනෙකට සම්බන්ධ.
1. නා.ප්ර. ගමන ; යෑම ; යාත්රාව.
2. සතුරාට විරුද්ධව ඉදිරියට ගමන් කිරීම.
3. යකඩය ; අයස්.
4. යාගය.
5. කුඹුරු ආදි ඉඩම්යාය.
යා වෙනවා
ක්රි. සම්බන්ධ වෙනවා ; පූට්ටු වෙනවා ; වෙනවා ; එකට බැඳෙනවා.
යාකරනවා
1. ක්රි. යාත්රා කරනවා ; යනවා ; ගමන් කරනවා.
2. එකිනෙකට සම්බන්ධ කරනවා ; එකිනෙකට ඈඳනවා.
යාකරය
(පාරිභා.) නා. අමතර විශේෂ සටහන් ආදිය එකතු කිරීම සඳහා විනිමය පත්රයකට අලවන කඩදාසි තීරුව.
යාකෘතය
(පාරිභා.) නා. අක්මාව ; යකෘතය.
යාකෘත්දාහය
(පාරිභා.) නා. අක්මාව හා සම්බන්ධ රෝගයක් ; අක්මාවට ඇතුළු වූ වෛරසයක් මගින් එය ඉදිමීම නිසා ඇතිවන රෝගයක්.
යාකෘතික අන්ධාශය
(පාරිභා.) නා. අක්මාව හා සම්බන්ධ කොටස් අටකින් යුක්ත අවයවයක්.
යාකෘතික ධමනිය
(පාරිභා.) නා. මහා ධමනියේ සිට අක්මාව කරා පිරිසිදු රුධිරය ගලා එන, යුගල වසයෙන් ඇති ධමනිය.
යාකෘතික ශිරාව
(පාරිභා.) නා. පෘෂ්ඨවංශීය සතුන්ගේ අක්මාවට ආ රුධිරය හෘදයට ගෙන යන ශිරාව.
යාග වේදිකාව
නා. (ක්රිස්ති.) දෙවියන් සඳහා පුද පූජා පැවැත්වෙන වේදිකාව ; අල්තාරය ; පූජාපීඨය.
යාගකර්තෘ
නා.ප්ර. යාග කර්ම කරන පූජකවරයා ; යාගකරු ; යාග කිරීමේ නියැලෙන්නා.
යාගය
1. නා. පූජා භාණ්ඩ ආදියෙන් ගිනිදෙවියන් පිදීම.
2. දෙවියන් උදෙසා සතුන් මරා කරනු ලබන යාගකර්මය.
3. (කථා.) තොවිලය.
4. (ක්රිස්ති.) කුරුසිය මත වූ පූජාව.
යාගසූත්රය
නා. යාග කර්මවල දී බමුණන් කරේ දමන නූල , පූන නූල.
යාගහෝමය
නා. ගිනි දල්වා එයට පූජා ද්රව්ය දැමීමෙන් ගිනි දෙවියන් උදෙසා කරන යාග ශාන්තිය.
යාගාග්නිය
යාගාවාටය
යාගී
නා.ප්ර. සිංහල ගී වෘත්තයක්.
යාගු
නා.ප්ර. කැඳ ; හුළුකැන්, සහල් ආදියෙන් පිළියෙළ කරගත් පානය.
යාගෝපකරණ
[යාග + උපකරණ]
නා.ප්ර. යාගයක් පැවැත්වීමට අවශ්ය දේ ; යාගකාර්ය සඳහා උවමනා දේ.
යාචකයා
නා. හිගන්නා ; යදියා ; ඉල්ලන්නා.
යාචනය
1. නා. ඉල්ලීම ; යැදීම; සිඟීම.
2. ඉල්ලීම් රහිත ව ලබාගත් දෙය ; බෝනසය.
යාච්ඤා පොත
නා. (ක්රිස්ති.) ක්රිස්තියානි ධර්මයට අනුව දෙවියන්ට කරන යාච්ඤා ඇතුළත් පොත.