සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1292
යාච්ඤාව
නා. අයැදීම ; ආයාචනය ; ඉල්ලා සිටීම ; කන්නලවු කිරීම.
යාජක
වි. යාග කරන ; යාග පවත්වන.
යාජකයා
නා. යාග පවත්වන්නා ; යාග කරන බ්‍රාහ්මණයා.
යාජනය
නා. යාග කරවීම ; යාග පැවැත්වීම.
යාඥික
වි. යාගයට අයත් ; යාගය හා සම්බන්ධ ; යාග පවත්වන.
1. නා.ප්‍ර. යාග කරන්නා.
2. කුසතණ.
යාටි
යාඩැම
නා. උෂ්ණ කාන්තාරවල වැලි සහිත සුළං වැදී කැපී ගිය දළ බෑවුම් සහිත පාෂාණ.
යාත්ර
වි. යාත්‍රා කිරීම පිළිබඳ ; යාත්‍රාව හා සම්බන්ධ.
යාත්‍රා ඔරුව
නා. බඩු එහා මෙහා ගෙනයාම සඳහා භාවිත කෙරෙන විශාල බෝට්ටු විශේෂයක්.
යාත්‍රා ගිණුම
(පාරිභා.) නා. මුහුදු ගමන් ආදිය පිළිබඳ ව භාවිත කෙරෙන මුදල් තැන්පතුව.
යාත්‍රා මාර්ගය
නා. යාත්‍රාවක් ගමන් කෙරෙන මාර්ගය.
යාත්‍රා සීමාව
(පාරිභා.) නා. සාගර ආදියේ යාත්‍රා ගමන් කළ හැකි කෙළවර.
යාත්‍රාව
1. නා. යෑම ; ගමන ; ගමන් කිරීම.
2. දියෙහි ගමන් කරන ඔරු, පාරු, නැව් ආදි යානයක්.
3. අහසෙහි ගමන් කරන යානය.
යාත්‍රික
වි. ගමන් කරන ; යාත්‍රා කරන ; සංචාරක.
යාත්රීයතාව
(පාරිභා.) නා. යාත්‍රා කළ හැකිබව ; යාත්‍රා කිරීමේ හැකියාව.
යාතිකාව
නා. කන්නලවුව බැගෑපත් ව කරන ඉල්ලීම ; දෙවියන්ට ද කරන යාච්ඤාව ; යාදින්න.
යාදසන
යහදසන බ.
යාදිච්ඡක
වි. ස්වකීය කැමැත්ත විය අනුව කටයුතු කරන ; තමන්ගේ සිත් සතුටුවන අයුරින් ක්‍රියා කරන.
යාදිනිය
1. නා. ආයාචනය ; කන්නලව්ව ; යාච්ඥාව ; දෙවි-දේවිතාවුන් වෙත ඉදිරිපත් කරන බැගෑපත් ඉල්ලීම.
2. ස්තෝත්ර වශයෙන් ගායනා කරන ගී ප්‍රබන්ධ විශේෂයක්.
යාදෘච්ඡ(ඡි)ක
වි. ඉබේ සිදුවන ; අහම්බෙන් සිදුවන.
යාදෘච්ඡික වාදය
නා. (දර්ශන.) හැම දෙයක්ම ඉබේ සිදු වෙතැයි සැලකෙන මතය ; සියල්ල ස්වභාව සිද්ධ යැයි සලකන න්‍යාය.
යාධාරිතාව
නා. කිසියම් පස් තට්ටුවෙක ඇති සිදුරු ගතිය හෙවත් හිඩැස් මුළුමනින් ම ඉවත් වී යන තරමට එයට ජලය ලැබී ඇති බව.
යානත්රය
නා. (ථේරවාදි) බුදු සසුනෙහි විමුක්තිය ලැබීමේ විධි හෙවත් මාර්ග තුන ; තුන්තරා බෝධිය ; බුදු, පසේබුදු, මහරහත් යන මාර්ගත්රය.
යානය
1. නා. යෑම ; ගමන් කිරීම ; ගමන.
2. ගමන් බිමන් සඳහා ආධාර වන රථය ; වාහනය.
3. සසරින් එතර වන මාර්ගය ; විමුක්ති මාර්ගය.
4. සතුරන්ට විරුද්ධව යුද්ධයට යාම සංඛ්‍යාත රාජගුණය.