සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1289
යවක්ෂාරකර
(පාරිභා.) නා.ප්ර. පොටෑසියම් නම් රසායනික ද්රව්යය ; අළුවල පවත්නා රසායනික ද්රව්ය සයෙන් එකක්.
යවක්ෂාරජන
(පාරිභා.) නා.ප්ර. වායුවක් ; රසායනික මූල ද්රව්යයක් ; නයිට්රජන් ; ජීවාන්තක.
යවකාරය
නා. දැව සිදුරු කිරීමට භාවිත කෙරෙන වඩු උපකරණයක්.
යවකැලි
නා.ප්ර. කැඳබත් ආදි යාවකාලික දෙය ; භික්ෂූන් විසින් පෙරවරුයෙහි ද වැළඳිය හැකිදේ.
යවකොමු
නා.ප්ර. යව සහලින් තැනූ පිට්ටු.
යවට
නා.ප්ර. යකඩ ගුළිය ; යකඩ බෝලය.
යවන
වි. පැරණි ග්රීසියට, මිසරයට හා අරාබියට සම්බන්ධව තදාසන්න ප්රදේශවලට අයත් ; එහි වැසියනට, භාෂාවට හෝ සංස්කෘතියට සම්බන්ධ.
1. නා.ප්ර. පුරාණ ග්රීක් අධිරාජ්යයට යටත්ව තිබූ ප්රදේශය ; එහි භාෂාව.
2. තිරිඟු.
යවනයා
1. නා. ග්රීසියේ වැසියා ; ග්රීකයා.
2. අරාබි මිනිසා.
යවපල්ලා
නා. යවකෙත රැකබලා ගන්නා ; යවකුඹුර ආරක්ෂා කරන්නා.
යවසාල්
නා.ප්ර. යව ධාන්යයෙන් ලබාගන්නා සහල් ; යව ඇට.
යවහන්
නා. ය - ව - හ - න් යන අක්ෂර සතර ; එළිසම පද්යයක අවසන් එළිවැට ; මෙම අකුරු සතරින් එළිසම පදයක අවසන් එළිවැට යෙදීමේ දී ඒවා මුලින් යෙදෙන අකුරු සමාන විය යුතු ය යනු සිංහල කාව්ය සම්ප්රදායකි.
යව්දිව්
නි. ජීවිතය පවත්නා තෙක් ; දිවි යම් තාක් ද ඒ තාක් කල් ; දිවිහිමියෙන්.
යවාගුව
නා. හාල් හෝ වෙනත් ධාන්යයක් ඖෂධ වර්ග සමඟ මිශ්ර කර පිළියෙළ කරගන්නා කැඳ ; ඇඹුල් කැඳ ; දිය හුළු කැන් ; ඝන කැඳ ; ඇඹුල් කැඳ.
යවුල
නා. යකඩින් තැනූ උල ; අලවංගුව ; යකඩ ඉන්න ; නාරස්සනය.
යශඃශ්රීය
1. නා. කීර්තිය නමැති සම්පත.
2. යස ඉසුර, කීර්තිය.
යශද
නා.ප්ර. සින්ක් නම් ලෝහ විශේෂය.
යශෛශ්වර්යය
යශෝකීර්තිය
නා. යසස සහ කීර්තිය.
යශෝඝෝෂය
නා. කීර්ති ඝෝෂාව ; යශෝරාවය.
යශෝරාශිය
නා. කීර්ති සමූහය ; යසස් රාශිය.
යෂ්ටිය
1. නා. දිග හා දුර මැනීමේ දේශීය ඒකකයක් ; රියන් හතක හෝ රියන් පහක හෝ දුර ප්රමාණය.
2. සැරයටිය ; හැරමිටිය.
3. කොඩි ආදිය එසැවීමට භාවිත කරන රිට.
4. ඔරුපාරු පෑදීමට භාවිත කරන දිග රිට.
5. රාජ්ය සභා නිල සංකේතය.
6. ඖෂධීය ශාඛයක් වන වැල් මී.
යස
නා.ප්ර. කීර්තිය ; යසස ; සම්පත්තිය ; ඓශ්චර්යය ; ප්රසිද්ධිය.
වි. හොඳ අපූරු ; නිසි ; මනහර.
යස ඉසුරු
නා.ප්ර. කීර්තිය හා සම්පත් ; යසස හා ඓශ්චර්යය.
යසරඟට
ක්රි.වි. ඉතා හොඳින් ; මැනවින් ; අපූරු ලෙස ; පන්කාදුට ; යසරුවට.