සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1288
යමහල් පාෂාණ
නා.ප්‍ර. ගිනිකඳු විදාරණයේ දී නිකුත් වන මැග්මා හෙවත් ලෝදිය සිසිල්වීමෙන් සෑදෙන ඝන පාෂාණ.
යමහල් පුපුරු
(පාරිභා.) නා. ගිනිකඳු විදාරණයේ දී ඒවායින් නිකුත්වන අඟුරු ; යබොර.
යමහල් බෝම්බය
(පාරිභා.) නා. ගිනිකන්දක් පිපිරීමේ දී උඩට විසිවන ලාවා පොළොවට වැටෙන්නට පෙර ඝන වී සෑදෙන ගෝලාකාර ස්කන්ධ.
යමහල් මුඛය
(පාරිභා.) නා. ගිනිකඳු විදාරණයේ දී මැග්මා ආදිය නිකුත් වන විවරය ; ගිනිකඳු විවරය ; යමහල් මුව.
යමහල් විදාරණය
නා. ගිනි කන්දක් මහ හඬින් පිපිරී විවර ව ලාවා ආදී ද්‍රව්‍ය එයින් පිටතට ගලායාම.
යමහල් විල
(පාරිභා.) නා. යමහල් විවරය හෙවත් මුඛය තුළ කල්යාමේදී ජලය රැඳී සිටීම නිසා සෑදෙන විල.
යම්
1. නා.ප්‍ර. යාමය ; සිංහල පැය දහයක් (පැරණි සිංහල ක්‍රමයට රාත්‍රියට යාම තුනක් හෙවත් තිස් පැයක් ඇති බව සැලකේ.)
2. සදිව්‍ය ලෝක වලින් එකක් වන යාම දිව්‍ය ලෝකය.
සර්ව. කවර ; කිසි ; ඇතැම් ; බොහෝවිට ; අනියමාර්ථ ‘එක්’ ‘අක්’ ප්‍රත්‍යය සමග යෙදේ.
යමා
1. නා. යමයා.
2. යමක.
යමාමහ පෙළහර
නා. යමක ප්රාතිහාර්යය බ.
යමිරිවැඩිය
නා. යකඩින් කළ පාවහන ; අයෝමය සෙරෙප්පුව.
යමුගුර
නා. යකඩින් කළ දණ්ඩ ; යකඩ පොල්ල ; අයෝමය මුගුර.
යමුවා
වි. යකඩින් කළා වූ ; අයෝමය වූ.
යමුසු
වි. යකඩ මිශ්‍ර වූ.
යමුසු පාෂාණ
(පාරිභා.) නා.ප්‍ර. යකඩ මිශ්‍ර වූ ඝන භූගත ස්තරය.
යමුසු මැටි
(පාරිභා.) නා.ප්‍ර. යකඩ මිශ්‍ර ඝන භූගත මැටි තට්ටුව.
යමේරුකාව
නා. ශබ්ද කිරීමට ගසන ලෝහ තැටිය.
යල
1. නා.ප්‍ර. කාලය ; වාරය ; වේලාව.
2. අකාලය.
3. අප්‍රධාන ශස්‍ය වාරය ; අප්‍රධාන කන්නය.
4. අමුණු දොළහක් ධාන්‍ය වැපිරෙන භූමි ප්‍රමාණය.
5. යලට ලැබෙන අස්වැන්න.
යල මහ
නා. ශ්‍රී ලංකාවේ ගොවිතැන් කරන ප්‍රධාන කාල පරිච්ඡේද දෙක වන යල් කන්නය සහ මාස් කන්නය.
යල් පනිනවා
ක්‍රි. සුදුසු කාලය ඉක්ම යනවා ; පරණ වෙනවා ; කාලයට නොගැළපෙනවා.
යල්වැස්ස
නා. යලට වී වපුරන විට වසින වර්ෂාව ; යල් කන්නයට මඳ වසයෙන් වසින වැස්ස.
යල්සියය
නා. එකසිය පණහ.
යලි
නි. නැවත ; ඉන්පසු ; ඉක්බිති.
යව
1. නා.ප්‍ර. ශීත කලාපික ධාන්‍ය විශේෂයක්.
2. මිනුම් ඒකකයක් ; යුකා අටක හෝ අබ ඇට අටක හෝ බර.
යවකර
නා.ප්‍ර. ලුණු වර්ගයක් ; යවක්ෂාර.