සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1287
යමක ප්රාතිහාර්යය
නා. ශරීරයෙහි එක් එක් රෝම කූපයකින් ගිනිකඳක් හා දියකඳක් එකවර නිකුත් වන සේ බුදුරජාණන් වහන්සේ දැක්වූ ප්රාතිහාර්යය ; යමා මහ පෙළහර.
යමක බන්ධනය
නා. (ඡන්ද.) පද්යයක සියලු පාදවල ආදි, මධ්ය, අවසාන යන තුන් තැන්හි සමානාක්ෂර පුන-පුනා යොදන ශබ්දාලංකාරය.
යමක වග
නා.ප්ර. ධම්මපදයෙහි ගාථා දෙක බැගින් ඇතුළත් වූ පළමුවන කොටස ; ගාථා දෙක බැගින් සම්බන්ධකර දේශනා කරන ලද වග්ගය ; යමක වග්ගය.
යමක ශාල
නා.ප්ර. සල් ගස් දෙක ; මල්ල රජුන්ගේ ; උයනෙහි පිහිටි සල් ගස් දෙක ; බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකය වූයේ මෙහි ය.
යමකම්
(පාරිභා.) නා.ප්ර. යමහල් ක්රියාවලිය.
යමජ
වි. එකට උපන් ; නිවුන්.
යමදෙවියා
නා. දකුණු දෙසට අධිපති දෙවියා ; යාම දිව්ය පුත්රයා.
යමනය
නා. බැඳීම ; නැවතීම ; නැවැත්වීම.
යමන්නා
නා. මහනුවර රාජ්ය සමයෙහි යපස් උණු යකඩ කර්මාන්තයේ යෙදුණ කර්මාන්තකරුවෙක්.
යමර
1. වි. අවදානම් ; අන්තරාදායක.
2. දක්ෂ ; ශූර.
යමරථයා
නා. යමරජුගේ වාහනය වූ මීහරකා.
යමරෙට
ක්රි.වි. බොහෝ උනන්දුවෙන් ; අධික උත්සාහයෙන් ; කඩිසර ව.
යමල
[ය + මල]
නා.ප්ර. යකඩ දිරූ පසු මතුපිට සෑදෙන ද්රව්යය ; යකඩ මල.
යමලොව
නා. අපාය ; නරකය ; නිරය ; යමලෝකය.
යමහල
1. නා. ගිනිකන්ද ; අග්නිභූධරය.
2. සල්ගස් දෙක ; යමක ශාල ; බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ උද්යානය හා එහි වූ සල් ගස් දෙක.
යමහල් අළු
(පාරිභා.) නා. ගිනිකන්දක් පිපිරීමේ දී අවට විසිරී යන අළු.
යමහල් කම්පනය
(පාරිභා.) නා. ගිනිකඳු පුපුරා යෑමේ දී ඇතිවන භූ චලනය.
යමහල් කැට
(පාරිභා.) නා.ප්ර. ගිනිකඳු පිපිරීමේ දී නිකුත් වන පාෂාණ පිණ්ඩ.
යමහල් කැබලි
(පාරිභා.) නා.ප්ර. ගිනිකඳු විදාරණයේ දී නිකුත් වන ඝන ලාවා, අළු, අඟුරු ආදිය එකට බැඳුණු පාෂාණ කැබලි.
යමහල් කේතුව
(පාරිභා.) නා. ගිනිකන්දක විවරය වටා ලාවා ආදිය පතිත ව ඝන වී ගොඩ ගැසීමෙන් සෑදෙන කේතුරූපාකාර ශිඛරය ; යමහල් අළු කේතුව.
යමහල් ගෙල
(පාරිභා.) නා.ප්ර. ගිනිකඳු කුහරය තුළ ඝන ව තැන්පත් ව අවට ප්රදේශය ඛාදනය වීම හේතුකොට ගෙන ගල් වැටක් සේ උස්ව පෙනෙන්ට වන විශාල ලාවා කුට්ටි.
යමහල් දූපත
(පාරිභා.) නා. මුහුදු පතුලේ නැඟී සිටින ගිනිකඳු ඉහළට මතුවීම නොහොත් ගිනිකඳුවලින් නිකුත් වන ද්රව්ය තැන්පත් වී ජලයෙන් ඉහළට මතුවීම නිසා සෑදෙන දූපත.
යමහල් ධූලි
(පාරිභා.) නා.ප්ර. ගිනිකඳු පිපිරීමේ දී නිකුත් වන අළුවලට වඩා කුඩා වූ සියුම් කැබලි.
යමහල් නිධිය
(පාරිභා.) නා. ගිනිකඳු ඇති ප්රදේශවල ඒවා විදාරණයේ දී එයින් විසිරී තැන්පත් ව පසු කල්හි ගොඩබිම සේදීයාම නිසා මහාද්වීපික තටකයෙහි සහ එහි බෑවුම්වල තැන්පත් වී ඇති අවසාදිත පාෂාණ ස්තරය.