සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1286
යන්ත්‍රය
1. නා. යම්කිසි බලයකින් හෝ උපක්‍රමයකින් හෝ ක්‍රියා කරන උපකරණය ; මෝල ; මැසිම ; එන්ජිම.
2. මන්ත්‍ර ආදියෙන් ජීවම් කරන ලද තඹ තහඩුවක් හෝ ලෝහ තහඩුවක් බහා සකස් කරන ලද සුරය ; ග්‍රහ අපල ආදි විවිධ උවදුරුවලින් මිදීම සඳහා භාවිත කරන ජීවම් කළ සුරය.
යන්ත්‍රාලය
නා. යන්ත්‍ර සූත්‍ර සවි කර ඇති ගෙය ; අච්චු කන්තෝරුව ; මුද්‍රණාලය.
යන්ත්‍රෝපකරණ
[යන්ත්‍ර + උපකරණ]
නා.බහු. යන්ත්‍ර හා ඊට සම්බන්ධ උපකරණ ; යන්ත්‍රයක් ක්‍රියා කරවීමට අවශ්‍ය 1 මෙවලම්.
යන්නා
නා. යන තැනැත්තා ; ගමන් කරන්නා.
යනාරාචය
නා. යකඩ ඉන්න ; යකඩ නාරස්සනය.
යනුහෙයින්
ක්‍රි.වි. එසේ හෙයින් ; ඒ නිසා.
යපට
නා. යකඩ පටිය ; යකඩ තහඩුව.
යපත
1. නා. යකඩ තහඩුව ; ලෝහ පත්‍රය.
2. යකඩ පාත්‍රය ; ලෝහ භාජනය.
යපම්මා
1. නා. යකඩ උණු කරන්නා.
2. බර උසුලා වැඩ කිරීමෙන් යැපෙන්නා.
යපල
නා. බොරුව ; මුසාවාදය.
යපල්ල
1. නා. යකඩ පොල්ල ; යකඩ දණ්ඩ.
2. යකඩ පතුර ; යකඩ තලය.
3. නඟුලේ කොටසක් ; නගුලේ දිව.
යපවුර
නා. යකඩින් කළ තාප්පය ; අයෝමය ප්‍රාකාරය.
යපස්
(පාරිභා.) නා.ප්‍ර. ලෝහමය පස ; යකඩ ලබාගන්නා අමුපස.
යපස් නිධිය
(පාරිභා.) නා. යකඩ අන්තර්ගත පස් ස්තරය.
යබර
නා. යකඩ උණු කරන විට එකතු වන බොර.
යම
1. නා.ප්‍ර. යෝග ශාස්ත්‍රයෙහි සඳහන් වන අංග අටකින් යුත් ඥානයන්ගෙන් එකක්.
2. දෙක ; යුගලය ; ද්විත්වය.
3. දකුණු දිග.
4. ඉන්ද්රිය සංයමය.
5. මිථුන ලග්නය.
6. යමරජ.
7. දිශා පාලක දෙවියෙක්.
8. මාරයා.
9. දවසෙන් හයෙන් කොටසක් වූ කාලය.
10. විපත ; ඇබැද්දිය.
11. ශනි ග්‍රහයා.
යම දූතයා
1. නා. යම රජුගේ සේවකයා ; යමපල්ලා.
2. මරණයෙහි දූතයා.
යම නුවන
නා. දෙ ඇස ; ඇස් දෙක ; නෙත් යුවළ.
යම පුරය
1. නා. යම ලෝකය ; නරකය.
2. මරණය ; මියයෑම.
යම යුද්දය
(කථා.) නා. කලබලය ; අරගලය.
යමක
වි. යුවළ වූ ; දෙක බැගින් වූ හෝ දෙදෙනා බැගින් වූ ; ද්විත්වමය.
1. නා.ප්‍ර. දෙක ; යුග්මය.
2. වර්ණ හෝ පද දෙ වරක් පුනරුක්ත ව පවතින ශබ්දාලංකාරය.
3. අභිධර්ම පිටකයේ ප්‍රකරණයක්.
යමක තාරකා
නා.ප්‍ර. එක ළඟ පිහිටි සේ පෙනෙන තරු දෙක ; ඉරට්ට තරු ; ද්විත්ව තාරකා.
යමක දේහය
(පාරිභා.) නා. සිරුරෙන් එකට ඇලුණු දෙදෙනකුගේ ශරීරය ; දෙබිඩි සිරුර.
යමක ප්‍රකරණය
නා. (අභි.) අභිධර්ම පිටකයෙහි ප්‍රශ්න යුගල වශයෙන් යෙදූ ධර්ම ග්රන්ථ කාණ්ඩය ; අභිධර්ම පිටකයේ එන ප්රකරණ හතෙන් එකකි.