සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1372
රේයොමියුවර් උෂ්ණත්වමානය
(පාරිභා.) නා. ජලය මිදෙන උෂ්ණත්වය 0°ද, ජලය නටන උෂ්ණත්වය 800 ද වශයෙන් සලකා සාදන ලද උෂ්ණත්ව මාපකය.
රේරමාංසය
නා. රීරි මාංසය ; රුධිර මාංසය ; රිහිරි මස් ; ලේ සහ මස්.
රේල් ඇන්ජිම
නා. දුම්රිය ඇන්ජිම.
රේල් ගේට්ටුව
නා. දුම්රිය මාර්ගයක් හරහා අන් මාර්ගයක් වැටී ඇති තැන සාදා ඇති ගේට්ටුව.
රේල් පීලි
නා.ප්‍ර. දුම්රිය මාර්ග සෑදීමට ගැනෙන සවිමත් වානේ කඳන්.
රේල්කාරය
නා. රේල් පීලි උඩ දුවන තනිකාමරයේ දුම්රිය පෙට්ටිය ; රේල් බසය.
රේල්පාර
නා. දුම්රිය ගමනාගමනය සඳහා යකඩ පීලි යොදා සාදන ලද මාර්ගය.
රේලුව
නා. දුම්රිය ; කෝච්චිය.
රේවටය
(පාරිභා.) නා. මැද කනේ ඇති අවයවයක් ; කර්ණසංඛය.
රේවතී
නා.ප්‍ර. (ජ්‍යෝති.) නැකත් විසිහතෙන් එකක නාමය.
රේෂණය
නා. වෘකයාගේ නාදය ; ගෙරවීම.
රේසරය
නා. රැවුල බෑමට ගැනෙන තියුණු තලයක් නොහොත් තල සහිත උපකරණය.
රේස්
1. නා.ප්‍ර. තරග දිවීම.
2. අශ්ව ආදි සතුන් තරගයට දිවීමට සලැස්වීම.
රේස් කරත්තය
නා. තනි ගොනකුට වේගයෙන් ඇදගෙන යා හැකි කුඩා සැහැල්ලු කරත්ත වර්ගය ; රේස් තිරික්කලය.
රේස් කොළය
නා. තුරඟ තරග ආදිය පිළිබඳ විස්තර සපයන පත්‍රිකාව.
රේස් දමනවා
ක්‍රි. තුරඟ තරග සඳහා ඔට්ටු අල්ලනවා.
රේස් බ්ලොක්
නා.ප්‍ර. රෙදි වියන යන්ත්‍ර අළුවේ පහත කොටස.
රේස් බෝඩ්
නා.ප්‍ර. රෙදි වියන යන්ත්‍ර අළුවේ නඩාව දුවන ලෑල්ල.
රේස්කාරයා
නා. තුරඟ තරග ආදියට ගිජු ව ඔට්ටු ඇල්ලීමට පුරුදු තැනැත්තා.
රේසින්
නා.ප්‍ර. වියළි මුද්දරප්පලම්.
රෛසෝමය
රයිසෝමය බ.
රොකටය
නා. පස්සට විසි වන වායු පීරක් නිසා ඉස්සරහට යන මෙවලමක් ; වාතය පසා කරගෙන යා හැකි, ගිනිගන්නා සුලු ද්‍රව්‍ය පිරවූ සිලින්ඩරය.
රොකඩය
නා. ලේනුත් කූරුල්ලන් ආදි සතුන්ගේ පැමිණීම වළක්වාලීම සඳහා පලතුරු ගස් ආදියෙහි එල්වා හඬ නංවන උපකරණය.
රොක්වෙනවා
ක්‍රි. එක්රැස් වෙනවා ; එක්කාසු වෙනවා.