සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1371
රේඩියම්
නා.ප්‍ර. විරල විකිරණශීල, ලෝහමය මූලද්‍රව්‍යයක්.
රේඩියම් පෘථක්කරණය
(පාරිභා.) නා. රේඩියම් ක්‍රියාව ; රේඩියම් වියෝජනය ; විශ්ලේෂණය.
රේඩියේටරය
නා. මෝටර් රථ ආදියේ උණුසුම සිසිල් කරන නොහොත්, කාමරයක උෂ්ණය හාත්පස පතුරුවන උපකරණය ; විකිරකය.
රේඩියෝ
වි. විද්‍යුත් චුම්බක තරංග උපයෝගී කොටගෙන පණිවිඩ යැවීමේ හා ලබාගැනීමේ ක්‍රමය ; ගුවන් විදුලිය.
රේඩියෝ ක්රියාත්මකත්වය
(පාරිභා.) නා. පරමාණු රශ්මිය විහිදීම ; ඇල්පා, බීටා, ගැමා යන රශ්මි විකිරණය කිරීම.
රේඩියෝ දුරේක්ෂය
(පාරිභා.) නා. අන්තරීක්ෂ ගුවන්විදුලි තරංග ලබාගත හැකි උපකරණයක්.
රේඩියෝ දූරලේඛය
(පාරිභා.) නා. ගුවන් විද්‍යුත් තරංග මඟින් සිදුවන මුද්‍රණය.
රේඩියෝ නිවේශනය
(පාරිභා.) නා. ගුවන්විදුලි තරංග උපයෝගී කොටගෙන යම් යම් වස්තු පිහිටා තිබෙන තැන් සොයා ගැනීම.
රේඩියෝ සොන්ඩය
(පාරිභා.) නා. ඉතා ඉහළ අහසේ කාලගුණ තොරතුරු මැනීමට බැලුනයකින් යවනු ලබන කුඩා ගුවන්විදුලි සම්ප්‍රේෂකයක්.
රේඩියෝලේරිය ගොහොරුව
(පාරිභා.) නා. නිවර්තන ප්‍රදේශවල ගැඹුරු මුහුදු පත්ලෙහි තිබෙන ගොහොරුවක්.
රේඩොන්
(පාරිභා.) නා.ප්‍ර. විකිරණශීලි වායුවක් ; රේඩියම් පෘථක්කරණයෙන් සෑදෙන විකිරණශීලි මූලද්‍රව්‍යයක්.
රේණු මුකුටය
නා. මලක ස්ත්‍රී කේශර කෝෂය සහිත ව එකට සම්බන්ධව පිහිටි රේණු සමූහය.
රේණුව
නා. මලක සූතිකාවකින් ද පරාග ධානියකින් ද යුක්ත කොටස ; මලක පරාග සෑදෙන අවයවය ; මල්රොන් ; මකරන්ද ; මුවරද.
රේණුවාහය
(පාරිභා.) නා. හරිහැටි නොවැඩුණු රේණුව ; වඳ රේණුව.
රේතස
නා. ධාතුව ; ශුක්‍රාණුව.
රේත්‍රිකාව
(පාරිභා.) නා. මෘද්වංශීන්ගේ දත් සහිත (පීරක් වැනි) දිව.
රේතෝධාතුව
නා. පුරුෂ ධාතුව.
රේන්ද
1. නා.ප්‍ර. බදු ක්‍රමයක් ; යම් ආයතනයක් ව්‍යාපාරයක් වශයෙන් ගෙනයෑමට ගෙවන බද්ද.
2. නූල්වලින් ගොතන රටා සහිත පටි විශේෂයක්.
3. ගෘහ භාණ්ඩ ආදිය සැරසීම සඳහා නූල්වලින් ගොතන ලද රටා විශේෂයක්.
රේන්දකාරයා
1. නා.තැබෑරුමක මත්පැන් වෙළඳාම, රා සඳහා පොල් ගස් මැදීම, ආදිය සඳහා බලයලත් තැනැත්තා ; රේන්දරාළ.
2. මසුන් ඇල්ලුවාට පසු වැල්ලේ දී වෙන්දේසියේ විකුණන්නා.
රේන්දපොළ
1. නා. තැබෑරුම්හි මත්පැන් වෙළඳාමෙන් බදු අය කරන ස්ථානය.
2. මාළු වෙළඳාමෙන් බදු අයකරන තොටුපොළ.
රේනියම්
(පාරිභා.) නා.ප්‍ර. ලෝහමය මූල ද්‍රව්‍යයක්.
රේනිස් ලණුව
නා. අසුන්ගේ කටකලියාවට යෙදූ පටිය ; තෝන් ලණුව ; රේන්ස් ලණුව.
රේඵය
නා. ව්‍යඤ්ජනයකට පෙරටුව ‘ර්’ ශබ්දය ඇතිවන අවස්ථාවලදී ඒ වෙනුවට එම ව්‍යඤ්ජනය මත යොදන සංකේතය ( ර්).
රේයන්
1. නා.ප්‍ර. කෘත්‍රිම නූල් කෙඳි වර්ගයක්.
2. ඒවායින් වියන රෙදි.