සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1370

රේඛීය ත්වරණය

(පාරිභා.) නා. ඒකක කාලයක දී ප්‍රවේගය වෙනස් වන ශීඝ්‍රතාව.

රේඛීය නිකරය

(පාරිභා.) නා. ටෙරිඩියුම් ගණයේ ශාකවල පිහිටි බීජාණුධානිය.

රේඛීය ප්‍රකාශනය

(පාරිභා.) නා. රේඛා මඟින් ඉදිරිපත් කොට ප්‍රකාශ කරන ලද්ද.

රේඛීය ප්‍රවේගය

(පාරිභා.) නා. රේඛාවක ආකාරයෙන් යම්කිසි දිසාවකට චලනය වීමේ ශීඝ්‍රතාව.

රේඛීය ප්‍රස්තාරය

(පාරිභා.) නා. ඉරි මඟින් සංඛ්‍යාලේඛන ආදිය ප්‍රස්තාර කොට දැක්වීම.

රේඛීය මානය

(පාරිභා.) නා. රේඛාවලින් දිග, පළල, ඝනකම ආදිය දක්වන මිම්ම.

රේඛීය මිනුම

(පාරිභා.) නා. රේඛා රූපමානය ; රේඛා මාපය.

රේඛීය විශාලනය

(පාරිභා.) නා. අනුරේඛ විශාලනය ; රේඛාරූප විශාලනය.

රේඛීය ශ්‍රිතය

(පාරිභා.) නා. සමාන්තර දුර අනුව අනෙකෙහි ද අනුරූප වෙනසක් සිදුවන අන්දමට, රාශියක් සමඟ එකට බැඳුණු රාශිය ; ඒකඝාත ශ්‍රිතය.

රේඛීය සමීකරණය

(පාරිභා.) නා. ඒකබල සමීකරණය.

රේඛීය සාධකය

(පාරිභා.) නා. ඒකබල සාධකය ; ඒකඝාත ඛණ්ඩය.

රේගය

නා. කාන්තාරවල සුළං මඟින් සිදුවන ඛාදනය නිසා සෑදෙන භූ-රූපයක් ; වැලි ආවරණය සුළගට ගසා යෑමෙන් ගල් බොරලු පමණක් ඉතිරි වී පවතින තැනිතලා ප්‍රදේශය.

රේගලය

නා. දොරවල්, ජනෙල් පියන් ආදියේ පැතිවලට යොදා ඇති ලී රාමුව.

රේගල් නියන

(පාරිභා.) නා. නියන් වර්ගයක්.

රේගල් මූට්ටුව

(පාරිභා.) නා. දොර, කවුළු, අල්මාරි සඳහා භාවිත මූට්ටු වර්ගයක්.

රේගු

වි. තීරුබදු හා සම්බන්ධ ; නැව්තාටේ තීරු බදු අය කරන ස්ථානයට අදාළ.

රේගු අයකැමි

(පාරිභා.) නා.ප්‍ර. තීරු බදු අය කරන නිලධාරියා.

රේගු දර්ශකය

(පාරිභා.) නා. රේගු නිලධාරීන්ගේ දැනගැනීම සඳහා නැවක පටවා තිබෙන බඩු පිළිබඳ සවිස්තර ලේඛනය.

රේගුර්

(පාරිභා.) නා.ප්‍ර. ඉන්දියාවේ කපු වැවෙන ප්‍රදේශයේ ඇති කාබනික ද්‍රව්‍ය බහුල කළු පස.

රේගුව

1. නා. තොටමුණක් හා සම්බන්ධ ව තීරු බදු අය කරන ස්ථානය.
2. වරායේ බඩු ගබඩාව.

රේචකය

නා. පාචනය ඇති කරවන දෙය ; විරේකය.

රේචනය

1. නා. විරේක කරවීම ; විරේක වීම ; බඩයෑම ; මළපහ කිරීම.
2. (පාරිභා.) උද්භිද සෛලයක රික්තක ඇති වීම.
3. (පාරිභා.) නළ, භාජන, බල්බ වැනි යමක අන්තර්ගත සියලු එහි දෑ බැහැර කොට එහි අභ්‍යන්තරය ශූන්‍ය බවට පත් කිරීම.

රේඩන්

නා.ප්‍ර. අක්‍රිය වූ වායු විශේෂයක්.

රේඩා

(පාරිභා.) නා.ප්‍ර. යම් මධ්‍යස්ථානයක සිට විදහා යවන ලද කෙටි විද්‍යුත් තරංග පරාවර්තනයෙන් එයට සාපේක්ෂිතව පවතින අන් වස්තුවල පිහිටීම, දුර ආදිය ගැන අවබෝධය ලබා ගැනීමේ ක්‍රමය.