සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1369
රෙයොමීටරය
(පාරිභා.) නා. තරල ධාරාවක් මැනීමට භාවිත කරන උපකරණයක නාමය.
රෙලු
වි. රළු ; රූක්ෂ.
රෙසින්
නා.ප්‍ර. ඇතැම් ගස්වලින් ස්රාවය වන ද්‍රව්‍යයක් ; දුම්මල ලාටු.
රෙහෙණ
නා.ප්‍ර. නැකැත් විසිහතෙන් එකක් වන රෝහිණී නැකත.
රෙහෙණු
නා.ප්‍ර. රේණු.
රෙහෙර
1. නා.ප්‍ර. රෙහෙර මුවා.
2. රේරු නම් පක්ෂියා.
3. රෝහිත නම් මත්ස්‍යයා.
රෙහෙරා
නා. රෝහිත මත්ස්‍යයා ; ලේල්මසා.
රෙළුව
නා. හැඬීම.
රේක
නා.ප්‍ර. විරේකය ; පහවීම.
රේකඩය
(පාරිභා.) නා. හිදෑසක් පිරවීමට සවි කරන පතුර ; කූඤ්ඤය ; කීලපට්ටය.
රේක්කය
නා. කුණු රොඩු ආදිය එකතු කිරීම සඳහා දිග මිටකට යකඩ දෑතිපනාවක් සවි කළ උපකරණය.
රේඛණිය
නා. රේඛා ඇඳීමට ගනු ලබන කෝදුව ; රූල.
රේඛනය
1. නා. රේඛා යෙදීම.
2. වඤ්චනික ක්‍රියා වැළැක්වීමට හෝ හුවමාරුව සීමා කිරීමට හෝ චෙක්පත් ආදියේ හරහට රේඛා දෙකක් යෙදීම.
රේඛා
වි. රේඛාව සම්බන්ධ ; රේඛීය ; ඉරි පිළිබඳ.
රේඛා කූඩුව
(පාරිභා.) නා. සිතියමක සැකිල්ල ; සැලැස්ම ; ආකෘතිය හෝ පඤ්ජරය.
රේඛා ගණිතය
නා. ගණිත ශාස්ත්‍රයක නාමය ; භූමිය මැනීම ආදිය කරන මිනුම් ශාස්ත්‍රය ; ජ්‍යාමිතිය.
රේඛා චිත්‍රය
නා. (පාරිභා.) 1. ඉරි ලකුණුවලින් පමණක් කරන චිත්‍රය ; දළ සටහන ; කටු සටහන.
2. ආදර්ශ රූපය ; ආකෘතිය.
3. ප්‍රස්තාරය.
රේඛා ලේඛනය
(පාරිභා.) නා. රේඛාමය සංඛ්‍යා ලේඛනය ; රේඛා චිත්‍රය ; ප්‍රස්තාරය.
රේඛා වර්ණපටය
(පාරිභා.) නා. රේඛාවලින් සමන්විත වර්ණාවලිය ; රේඛා වර්ණාවලිය.
රේඛාමය
වි. ඉරිවලින් සෑදුණු; රේඛාවලින් නිර්මිත.
රේඛාව
1. නා. ඉරක් මෙන් පෙනෙන ඕනෑම ලකුණක් ; ඉර.
2. ගැවසීගත් පේළිය ; පඞ්ක්තිය.
3. සීමා ලකුණ.
4. තීරුව ; දිග පටු ලකුණ.
රේඛිත
1. වි. රේඛා සහිත.
2. රේඛා යෙදීමෙන් අවලංගු කළ හෝ සීමා කළ.
රේඛීය
වි. රේඛාවට අදාළ ; රේඛාමය.
රේඛීය ගම්‍යතාව
(පාරිභා.) නා. රේඛීය වස්තුවක ස්කන්ධයේ හා ප්‍රවේගයේ ගුණිතය.