සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1368
රෙජිමේන්තුව
නා. යුද හමුදා බළඇණිය.
රෙජිස්ටරය
නා. ආයතනයක පුද්ගලයන්ගේ හෝ බඩු බාහිරාදියේ හෝ නම් ලැයිස්තුව ; නීත්‍යනුකූල ව සටහන් තැබිය යුතු පොත ; ලේඛනගත කිරීමේ පොත.
රෙජිස්ට්‍රාර්
1. නා.ප්‍ර. කිසියම් ආයතනයක ලියකියවිලි සම්බන්ධව කටයුතු කරන ප්‍රධාන නිලධාරියා.
2. උප්පැන්න, විවාහ සහ මරණ ලියාපදිංචි කරන නිලධාරියා.
රෙටිනාව
නා. ඇසේ ප්‍රකාශ සංවේදී ස්තරය ; දෘෂ්ටි විතානය.
රෙඩ් ලෙඩ්
(පාරිභා.) නා.ප්‍ර. ඊයම්වල රතට හුරු ඔක්සයිඩයක් ; සාදලිංගම්.
රෙඩොක්ස්
(පාරිභා.) නා.ප්‍ර. ඔක්සිහරණය සහ ඔක්සිභවනය සඳහා ව්‍යවහාරික නාමය ; රිඩොක්ස්.
රෙදි
නා.ප්‍ර. ලෝම, සේද ආදී කෙඳි වර්ග හෙවත් නූල් භාවිත කොට වියා නිම කළ වස්ත්‍ර.
රෙදි රෝල
නා. රෝලක හැඩයට ඔතන ලද රෙදි.
රෙදි සලඹයා
නා. රෑ සමනල වර්ගයක්.
රෙදි හැට්ට
නා.ප්‍ර. කාන්තා ඇඳුම්.
රෙදිකඩ
නා. වස්ත්‍ර කැබැල්ල ; රෙදි කෑල්ල.
රෙදිපිළි
1. නා.බහු. රෙදිවලින් සාදන ලද ඇඳුම්.
2. රෙදි වර්ග.
රෙදෙස
නා. රදස ; ධූලී ; රජස්.
රෙනට්
නා.ප්‍ර. කිරිවල මිදීම ඇති කරන ආමාශයික යුෂයෙහි තිබෙන එන්සයිමයක්.
රෙන්චිය
(පාරිභා.) නා. ඇණ මුරිච්චි කරකැවීමට භාවිත කරන අඬුවක්.
රෙන්සිනා
(පාරිභා.) නා.ප්‍ර. පස් විශේෂයක්.
රෙනෙසාන්ස් මැස්ම
(පාරිභා.) නා. මැහුම් විශේෂයක් ; නවතම මැහුම් ක්‍රමයක්.
රෙපරමාදු
1. නා.ප්‍ර. දහසය වැනි සියවසේ දී යුරෝපයේ රෝම කතෝලික ආගම් සංවිධානය වෙනසකට පත් කිරීම සඳහා කටයුතු ව්‍යාපාරය.
2. එයින් ප්රතිසංවිධාන ව බිහි වුණු ක්‍රිස්තු ආගමේ නිකායක් ; ප්‍රොතෙස්තන්ත ආගම.
රෙපරේරු
වි. අලුත්වැඩියා කිරීම පිළිබඳ ; ප්‍රතිසංස්කරණය සම්බන්ධ.
රෙපරේරුව
නා. අලුත්වැඩියාව ; ප්‍රතිසංස්කරණය.
රෙප්
(පාරිභා.) නා.ප්‍ර. ඝන රෙදි වර්ගයක්.
රෙප්ටිලියා
(පාරිභා.) නා.ප්‍ර. උරගයන් අයත් වන සත්ත්ව ගණය ; උරගයන්ගේ වර්ගය.
රෙයිසින්
නා.ප්‍ර. ඇට රහිත වියලූ කුඩා මිදි වර්ගයක නාමය.
රෙයොන්
නා.ප්‍ර. කෘත්‍රිම රෙදි වර්ගයක වෙළෙඳ නාමය.