සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1367
රූපික
(පාරිභා.) වි. ආකෘතියෙන් යුතු ; රූපයෙන් යුත්.
රූපික අධ්‍යාපනය
නා. අනෙකාගෙන් ලැබෙන ක්‍රමවත්, විධිමත් අධ්‍යාපනය.
රූපිත
වි. රූපණය කරන ලද ; ගෙනහැර දැක්වූ.
රූපිය
නා. රිදී.
රූපී
1. වි. රූපය පවත්නා ; රූපය ඇති.
2. රුවැති ; රූපත් වූ.
රූපෝද්ගත
වි. ශරීරවත් වූ රූපයක් බවට පත්.
රූබර
වි. මහත් රූපශ්‍රීයෙන් යුත් ; අතිශය දැකුම්කලු.
රූබරයා
1. නා. ළපැටියා.
2. මුවා.
රූමත්
වි. රුව ඇති ; රූප ශෝභාවෙන් යුත්.
රූමැටිසියාව
(පාරිභා.) නා. වාතාබාධයක්.
රූමිටි
නා.ප්‍ර. කෙඳිරිය.
රූරනවා
ක්‍රි. ලිස්සී යනවා ; පහළට ඇදී යනවා.
රූල
1. නා. කෙළින් වැටී ඇති ඉර ; ඍජු රේඛාව.
2. ඍජු රේඛා ගැසීමට භාවිත කරන උපකරණය ; කෝදුව.
රූල්පොල්ල
නා. රූල් ගැසීම සඳහා සකස් කර ගත් උපකරණයක්.
රූලේ
(පාරිභා.) නා. අචල චක්‍රයක් මත පෙරළමින් යන චක්‍රයක් විසින් ගෙන යනු ලබන ලක්ෂ්යයක නාමය.
රූලෝ
(පාරිභා.) නා.ප්‍ර. පිඟන් ගොඩක් මෙන් පෙනෙන රක්තාණු එකතුව.
රූෂ්ට
වි. රළු ; නපුරු.
රූසර
නා.ප්‍ර. විශිෂ්ට රූප සම්පත්තිය.
රූස්ස
වි. ඉතා විශාල වූ ; ඉතා උස් වූ.
රූස්සය
නා. විශාල ව වැඩුණු ගස.
රූළ්හ
වි. නැඟුණු ; හටගත් ; ආරෝපණය කරනු ලැබූ.
රෙකමදාරුව
නා. සුදුසු බවට කරන නිර්දේශය ; සහතිකය.
රෙක්සින්
නා.ප්‍ර. කෘත්‍රිම හම් වර්ගයක්.
රෙකුලාසි
නා.ප්‍ර. ව්‍යවස්ථා; නීතිරීති; නියමය.