සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1366
රූපකය
නා. උපමාවත් උපමේයත් එකක් ම ලෙස නොහොත් වස්තු දෙකක් එකක් ලෙස සලකා නිර්මාණය කරන අලංකාරය.
රූපකාය සම්පත්තිය
නා. රූප ශ්‍රී සම්පත ; (බුදුරජාණන් වහන්සේගේ) දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා අසූ අනූවිය දුන් කරණකොට ගෙන ඇති වූ රූපශ්‍රීය.
රූපකූටය
නා. තරාදිය භාවිත කිරීමේදී කරන වංචාවක්.
රූපගත
වි. රූප බවට පත්.
රූපජනනය
(පාරිභා.) නා. ජීවියකු ගේ අවයවයක හෝ කොටසක හෝ සම්භවය හා විකසනය.
රූපණය
නා. දැක්වීම ; නිරූපණය කිරිම ; රූපකයකට නගා දැක්වීම.
රූපතල
නා.ප්‍ර. රූපාවචර ධ්‍යානලාභීන් උපදින බ්‍රහ්ම ලෝක.
රූපත්
වි. මනා රූපයෙන් යුත් ; රූප සම්පන්න.
රූපය
1. නා. රූපස්කන්ධය ; ශරීරය.
2. වර්ණ රූපය ; ඇසට විෂය රූපය.
3. අඳින ලද, අඹන ලද, නෙළන ලද, තනන ලද ආකෘතිය ; චිත්‍රය ; ප්‍රතිමාව ; ස්වරූපය.
4. ව්‍යාකරණයට අදාළ පද, උපසර්ග සහ ප්‍රත්‍යය ඒකකයක්
5. නෙත්කලු ස්වභාවය ; සෞන්දර්යය.
6. රූප ලෝක.
7. රූපායතනය.
8, රූපාවචර ධ්‍යානය.
රූපලාවණ්‍යය
නා. රූපයේ මනහර බව ; රූපය පිළිබඳ සොඳුරු බව.
රූපවාහිනිය
නා. බෙහෙවින් ශබ්දය ද සහිත ව රූප විද්‍යුත් මාධ්‍යයෙන් යම් මධ්‍යස්ථානයකින් විකාශනය කළ හැකි තාක්ෂණික ක්‍රමය ; ටෙලිවිෂනය.
රූපශ්‍රීය
නා. රූප ලක්ෂණය ; රූප සෞන්දර්යය.
රූපසටහන
නා. කිසියම් වස්තුවක ආකාරය දැක්වීම සඳහා අඳින රූපය.
රූපසම්පන්න
වි. රූපශ්‍රීයෙන් යුක්ත වූ ; යහපත් රූපයෙන් යුත්.
රූපස්කන්ධය
නා. චක්ෂුරාදී ඉන්ද්‍රියයන්ට ගෝචර වන ධාතු සමූහයේ එකතුව.
රූපසාරය
නා. ශ්‍රේෂ්ඨ වූ රූපශ්‍රීය ; ශ්‍රේෂ්ඨ රූපය.
රූපසිද්ධිය
නා. පද සාධනය ; පද සිද්ධිය ; විභක්ති ගැන්වීමෙන් ශබ්ද ප්‍රකෘතිවලින් හා ධාතු ප්‍රකෘතිවලින් නාමපද සහ ක්‍රියාපද සෑදීම.
රූප්‍ය
නා.ප්‍ර. රජත ; රිදී.
වි. දැකුම්කලු ; සුන්දර.
රූපාක්ෂර
නා.ප්‍ර. පුරාණයේ මිසරයෙහි අකුරු වෙනුවට භාවිත කළ රූ සටහන් ; හයිරෝග්ලිපික් අක්ෂර.
රූපාග්රප්රාප්ත
රූපාණු දර්ශය
(පාරිභා.) නා. බාහිර පෙනුම ; ජීවීන් හැඩය අතින් සමාන වීම.
රූපාන්තරණය
(පාරිභා.) නා. ඇතැම් ජීවීන් ගේ ආකෘතිය වෙනස්වීම්වලට භාජන ව අනෙක් ආකාර ගැනීම.
රූපාන්තරය
නා. අනෙක් රූපය ; වෙනස් වූ රූපය ; අන්‍ය තත්ත්වයට පත් රූපය.
රූපාවචර
නා.ප්‍ර. රූපය පමණක් පවත්නා බ්‍රහ්ම ලෝකය ; රූපාවචර භූමිය.