සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1365
රූඩ්
නා.ප්‍ර. බිම් වර්ග ප්‍රමාණ මැනීම සඳහා යොදන පර්චස් 40ක් හෙවත් අක්කර කාලේ ඒකකය.
රූඪ
1. වි. ඉපදුණු ; හටගත්.
2. නැගුණු.
3. දියුණු වූ ; වර්ධනය වූ.
4. ප්‍රසිද්ධ වූ ; ප්‍රචලිත වූ ; කීර්තිමත්.
5. ව්‍යවහාර ; පුරුදු.
රූඪනාමය
නා. නියම නම වෙනුවට යොදා ගන්නා ආරූඪ නාමය.
රූඪශබ්දය
නා. අධ්‍යාහාරයෙන් ගනු ලබන ශබ්දය ; ආරෝපිත ශබ්දය.
රූඪි
වි. අර්ථයට එකඟ නොවන ; අර්ථානුකූල නොවන.
රූඪිය
1. නා. ශබ්ද ව්‍යුත්පත්තියෙන් අන්‍ය වූ ව්යවහාරාර්ථය ; නිරුක්තියට අනුකූල නොවන නමුත්, ව්‍යවහාරයෙන් ගැනෙන අර්ථය.
2. හටගැනීම ; ඇතිවීම.
3. ප්‍රසිද්ධිය.
රූදිවිඳු
නා.ප්‍ර. ජීවිතේන්ද්රියයාගේ ද්විප්‍රකාර පැවැත්මෙන් එකක් ; රූපයෙහි පැවැත්ම.
රූන
1. නා. ළමයින් විනෝදය සඳහා ද හේන් ගොවියන් සතුන් පළවා හැරීම සඳහා ද භාවිත කරන උපකරණයක් ; රූ පෙත්ත.
2. බඹරය.
රූනා අඬවනවා
ක්‍රි. රූ පෙත්ත ක්‍රියා කරවනවා.
රූප අඹනවා
ක්‍රි. මැටි, ගල් ආදියෙන් ගත රූප නිර්මාණය කරනවා ; රූප නෙළනවා.
රූප ඇඳහිලිකාර
වි. රූපවලින් දක්වෙන දේව ආදින් කෙරෙහි භක්තිය දක්වන ; ප්‍රතිමා වන්දනා කරන.
රූප උපචය
නා. (අභි.) 1. රූප පළමුව හටගැනීම.
2. උපන් රූප නැවත නැවත හටගැනීම.
රූප කල්‍යාණ
නා.ප්‍ර. රූපයෙහි යහපත් බව ; රූපයෙහි අලංකාරය.
රූප කලාපය
නා. එකවිට උපදනා වූ එකවිට නිරුද්ධ වන්නා වූ එකම නිශ්‍රය ඇති එකතුව පවත්නා වූ රූප ධර්ම සමූහය ; අභිධර්මයේ සඳහන් කර්මජ 9, චිත්තජ 6, ඍතුජ 4 සහ ආහාරජ 2 යන රූප කලාප 21.
රූප කලාව
නා. රූපකාය ; ශරීරය ; දේහය ; රූපය.
රූප කාය
1. නා.ප්‍ර. දෘෂ්ටි ගෝචර වන රූපය ; ශරීරය.
2. රූපස්කන්ධය ; සතර මහා භූත හා චක්ෂු ප්‍රසාද ආදී රූප සමූහය.
රූප පරිවර්තනය
(පාරිභා.) නා. මුලින් පැවති රූපය වෙනත් රූපයක් ගැනීම ; රූපයේ විපර්යාසය.
රූප රාගය
1. නා. රූපභවය කෙරෙහි පවතින ආශාව.
2. රූප කෙරෙහි පවතින ආශාව.
රූප ලෝකය
නා. රූපය පවත්නා බ්‍රහ්ම ලෝකය ; රූපතලය.
රූප විද්‍යාව
(පාරිභා.) නා. ජීවීන්ගේ ස්වරූප පිළිබඳ ව වෙන් වෙන් වශයෙන් පිරික්සා බැලීම.
රූප විලාසය
නා. රූපයෙහි ආකාරය ; රූප සම්පත්තිය.
රූප සංඥාව
නා. රූපය පිළිබඳ හැඟීම.
රූපඓශ්වර්ය
නා.ප්‍ර. රූපයෙහි ශ්‍රේෂ්ඨත්වය ; රූ සපුවෙහි ඉසුරු බව ; මහත් වූ රූප සම්පත්තිය.
රූපකමටහන
නා. රූ කමටහන බ.