සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1364
රූ සපුව
නා. රූප ශෝභාව ; රූප සම්පත්තිය.
රූං ඇදීම
නා. කඩදාසි කුට්ටමෙන් කරන ළමා ක්‍රීඩාවක්.
රූකඩ අදිනවා
ක්‍රි. රූකඩ නැටවීම සඳහා ඒවාට සවි කළ නූල් නිසි ලෙස අදිනවා.
රූකඩය
1. නා. ලී, පස්, ඉටි ආදියකින් තැනූ මිනිස් හෝ සත්ත්ව රූපය.
2. අඳින ලද එවැනි චිත්‍රය.
3. නූල් ආදිය මඟින් අග-පසඟ ක්‍රියාකරවිය හැකි පරිදි නාට්‍ය රඟපෑම සඳහා තැනූ රූපය.
රූකඩයා
1. නා. ස්වීය බලයක් නැති ව නොහොත් නැති බව නොදක්වා, අන්‍යයකුට ඕනෑ ලෙස ම ගැති ව ක්‍රියා කරන්නා.
2. කෝෂ අවස්ථාවෙහි සිටින කෘමි සත්ත්වයා.
3. සතුන් බය කිරීමට සාදන රූපය ; පඹයා.
රූකඳ
නා. පංචේන්ද්‍රියට ගෝචර වන ශරීර ස්කන්ධය.
රූකම
1. නා. රූප කර්මාන්තය ; රූප ඇඳීමේ සහ ඇඹීමේ කර්මාන්තය.
2. අඳින ලද නොහොත් අඹන ලද රුවක්.
රූක්ෂ
1. වි. රළු ; කර්කෂ ; අමිහිරි.
2. කරදර හිරිහැර සහිත ; අමාරු ; දුෂ්කර.
3. වියළි ; ශුෂ්ක.
1. නා.ප්‍ර. වියළි දෙය.
2. ආහාරයෙහි ඇති රස හයෙන් එකක්.
3. නාදයෙහි රළු බව හා සම්බන්ධ ව භාරතීය ස්වසංගීතයෙහි දැක්වෙන දෝෂයක්.
රූක්ෂ තේජස
නා. බඩගින්න ; ජඨරාග්නිය.
රූක්ෂ ප්‍රමාණය
1. නා. මහජනයාගේ පැහැදීමට හේතු වන කටුක වූ ධූතාඞ්ගාදී ප්රතිපත්තිවල ප්‍රමාණය.
2. තමාගේ කටුක ප්‍රතිපත්ති ආශ්රයෙන් අනුන්ගේ හිත් දිනීමට පෙලඹී සිටින තැනැත්තා.
රූක්ෂය
නා. රළු ගතිය ; නොසිනිඳු බව ; සිරුරේ දොස් කිපුණු ස්වභාවය.
රූක්‍ෂාහාරය
නා. කටුක කෑම ; කර්කෂ ආහාර.
රූක්ෂිත
1. වි. වියැළීගිය.
2. පීඩාවට පත් වූ ; රළු වූ.
රූටන
වි. ලිස්සන ; ලිස්සනසුලු.
රූටන අලවංගුව
නා. එක් | අලවංගුවක් තුළ රූටා යන අලවංගුව.
රූටන ගාංචුව
නා. තද වීම සඳහා ඇඳුම් පටි ආදියෙහි යොදන කුඩා ගාංචුවක්.
රූටන ගියරය
නා. පහසුවෙන් එහා මෙහා තල්ලු වන ගියරය.
රූටන තහඩුව
නා. ලිස්සමින් තද වෙවී මැහුම් වැටෙමින් මැසීමට, මහන මැසිමට සවි කරන උපකරණයක්.
රූටන මට්ටම් ලෑල්ල
නා. අවශ්‍ය අන්දමින් ඔබ-මොබ ලිස්සවමින් සකසා ගත හැකි මට්ටම් ලෑල්ල.
රූටන යත්ත
නා. ලියන දාරය දිගේ ලිස්සා යැවීමෙන් යතු ගාන උපකරණයක්.
රූටනය
නා. මහන මැසිමේ ලිස්සන තහඩුව.
රූටනවා
ක්‍රි. ලිස්සනවා ; ක්‍රමයෙන් පහළට ඇදෙනවා.
රූටයිල්
නා.ප්‍ර. කළුපාට වැලිවල මිශ්‍ර වී ඇති ඛනිජ වැලි වර්ගයක් ; ස්ඵටිකරූපී ටයිටේනියම් ඩයොක්සයිඩ්.
රූටා බසිනවා
ක්‍රි. (වැඩි වශයෙන් ලම්බාකාරව) පහළට ලිස්සා යනවා.