සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1373

රොජු

නා.ප්‍ර. ලණුව ; රැහැන.

රොට

(පාරිභා.) නා.ප්‍ර. පැණි ඉවත් කිරීමෙන් පසු ඉතිරිවන උක් රොඩ්ඩ.

රොටරය

(පාරිභා.) නා. මෝටර් එන්ජිමක විස්පර්ශක ඵකලසෙහි නැමියා මුදුනේ සවිකොට ඇති කුඩා අත.

රොටිපෙරා

(පාරිභා.) නා.ප්‍ර. ඉතා කුඩා ජලජ සත්ව ගෝත්‍රයක නාමය.

රොටිපේරුවා

(පාරිභා.) නා. මොටිපෙරා ගෝත්‍රයට අයත් ඉතා කුඩා සත්ව විශේෂයක්.

රොටිය

නා. පිටිවලින් තනා ගනු ලබන විශේෂයක් ; කුම්මාසය ; කබලූපුව.

රොටුව

1. නා. රාශිය ; සමූහය.
2. (ගිනි) සිල ; සිළු.

රොඩී

නා.ප්‍ර. ශ්‍රී ලංකාවේ වෙසෙන ජන කොටසක් ; හුලවාලී ; සැඩොල් ; චණ්ඩාල.

රොඩී කුලය

නා. රොඩී ගෝත්‍රය; සැඩොල් කුලය.

රොඩු

නා.ප්‍ර. සාරය ගෙන ඉවත ලන දෑ ; කසල ; දිරාපත් දෑ.

රොඩෙන්ටියා

(පාරිභා.) නා.ප්‍ර. ලෑටි ගානා තියුණු දත් ඇති මීයා, ලේනා ආදි සතුන් අයත් ගණය.

රොඩොප්සින්

(පාරිභා.) නා.ප්‍ර. දෘෂ්ටි විතානයේ යෂ්ටිවල ඇති දම් පැහැති වර්ණකයක්.

රොත්ත

නා. සමූහය ; පොදිය ; රංචුව.

රොද

නා.ප්‍ර. පෙළ ; පංක්තිය ; රාශිය ; සමූහය ; (ඉසකේ) පට.

රොද බඳිනවා

ක්‍රි. එක් වැළක් මෙන් සිටින සේ පෙළ ගැසෙනවා ; රංචු ගැසෙනවා.

රොදස

නා. ධූලි ; රජස්.

රොද්ද

නා. රජ්ජුව ; රැහැන ; නුල.

රොදුදිය

නා.ප්‍ර. දුන්නෙහි රැහැන ; දුනුදිය.

රොන්

1. නා.ප්‍ර. ධූලිය ; රජස.
2. මල් රේණු ; මකරන්ද.
3. කුඩා කැබැල්ල ; පුපුර.
4. ඉහළට විසිරී යන දිය බිඳ.

රොන් මැස්සා

නා. මී වදයක සිටින කම්කරු මැස්සා.

රොන් වටිය

නා. රොන් පටලය ; රොන් සළාව.

රොන්ට්ජන් කිරණ

(පාරිභා.) නා.ප්‍ර. එක්ස් කිරණ.

රොන්බොර

නා.ප්‍ර. රොන්මඩ.

රොන්මඩ

නා.ප්‍ර. ගංගා ආදිය පිටාර ගැලීමෙන් ගඟ දෙපස තැන්පත් වන සියුම් මැටි තට්ටුව ; රොම්මඩ.