සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1374
රොනිති ආසාදනය
(පාරිභා.) නා. කෙළවලත් සෙම්වලත් අඩංගු වයිරසයක් නිසා වැළඳෙන රෝගයක්.
රොම්බ
(කථා.) නා.ප්‍ර. 1. ලෝමය ; ලොම්.
2. හොම්බ.
රොම්බසය
(පාරිභා.) නා. සෑම පාදයක් ම සමාන සමාන්තරාස්‍රය.
රොමු
නා.ප්‍ර. ක්ෂීරපායී සතුන්ගේ සම මතුපිට ඇති ලොම් ; රෝම.
රොඹුව
1. නා. සිරුරු කෙස්.
2. කන් පෙත්ත.
3. ඇතැම් ගෙඩිවල සහ ඇටවල පවතින සුඹුල.
4. ස්වල්පය.
5. රිය ; ගැල.
රොයිටර්
නා.ප්‍ර. අන්තර් ජාතික ප්රවෘත්ති සේවා සංවිධානයක්.
රොල්ල
1. නා. රළු දෙය.
2. වට්ටක්කා වැනි ගෙඩිවල ඇට සහිත මැද අවයවය.
3. වතුරෙන් ගොඩ ගැසෙන කුණු රොඩු, කසල අඩංගු තට්ටුව.
4. යකඩ උණුවීමෙන් පසු ඉතිරිවන කොටස.
රොව
නා. ලෙඩ ; ව්‍යාධිය ; අසනීපය ; රෝගය.
රොවනවා
ක්‍රි. රෝපණය කරනවා.
රොස
නා. රෝෂය ; තරහව.
රොස්
වි. ආහාරයක් පිසීමේදී ඕනෑවට වඩා ගිනි තැබීමෙන් පිළිස්සී යන තරමට කරවූ.
රොස්පරොස්
වි. බලවත් කෝපය ඇතිකරන.
නා.ප්‍ර. අතිශය කෝපයෙන් පවසන වචන.
රොස්ස
නා.ප්‍ර. 1.කෝපය.
2. කැටිය ; රාශිය.
3. ඉතිරි වන රොඩ්ඩ ; කොස්ස.
රොසැල්ල
නා. දිරා ගිය රෙදිකඩ මාලු.
රොසැල්ලා
නා. මහල්ලා.
රොසිඤ්ඤ
නා.ප්‍ර. ඌරාගේ හිසෙහි සහ කරෙහි මස්.
රොහු
(කථා.) වි. දිරාපත් ; හප වූ ; කඩමාලු.
රෝ
වි. රෝගය පිළිබඳ.
1. නා.ප්‍ර. ලෙඩ ; ව්‍යාධිය.
2. රෝෂය ; කෝපය.
රෝග
වි. ලෙඩ පිළිබඳ ; ව්‍යාධි හා සම්බන්ධ.
නා.ප්‍ර. අසනීප ; ලෙඩ.
රෝග කාරක
වි. ලෙඩ කරවන ; ගිලන් කරවන.
රෝග ජීවාණුව
නා. ලෙඩ රෝග බෝ කරන ක්ෂුද්‍ර බීජය ; විෂ බීජය.
රෝග තත්ත්ව පත්‍රය
(පාරිභා.) නා. රෝගයේ ස්වරූපය හා ප්‍රතිකාර විධි ගැන සඳහන් වන පත්‍රිකාව.
රෝග නිදානය
නා. රෝගය ඇතිවීමට හේතුව ; ව්‍යාධි නිමිත්ත.
රෝග නිර්ණය
නා. රෝග විනිශ්චය.