සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1386
ලපිල
1. නා. කමත අතුගාන ඉදල ; බෝලත්ත.
2. වඩා කල්ගත නොවූ කැලෑව ; අලුත් කැලෑරොද.
ලබනවා
1. ක්රි. අත්පත් වෙනවා ; අයත් වෙනවා ; හිමිවෙනවා ; ප්රදානය වෙනවා.
2. ළගා වෙනවා ; එළඹෙනවා ; පැමිණ තිබෙනවා ; උදාවෙනවා.
ලබ්ධ
වි. ලබන ලද ; ලැබූ ; ලත්.
ලබ්ධිකයා
නා. ඇදහීම කරන්නා ; දෘෂ්ටිය ගත් තැනැත්තා
ලබ්ධිය
1. නා. අවබෝධය ; මැනවින් දැන ගැනීම.
2. ආගම ; ඇදහීම.
ලබ්බනවා
1. ක්රි. තමා ගේ අදහසට අවනත කර ගන්නවා ; කිට්ටුකර ගන්නවා ; පමුණවා ගන්නවා.
2. කුරුමානම් අල්ලනවා ; එල්ල කරනවා ; ඉලක්ක අල්ලනවා.
3. ලැබෙන්නට සලස්වනවා.
ලබ්බා දෙනවා
ක්රි. සහාය කොට දෙනවා ; උදවු කර දෙනවා.
ලබා ගන්නවා
ක්රි. අත්පත් කර ගන්නවා ; තමන්ට අයත් කරගන්නවා ; ඉල්ලා ගන්නවා.
ලබු කබල
නා. මඳ ඉවත් කර වේලා භාජනයක් සේ සකස් කර ගත් ලබුගෙඩිය ; ලබු කැටය.
ලභ්ය
වි. ලැබිය යුතු ; ලැබිය හැකි.
ලමග
නා.ප්ර. කුරුඳු.
ලම්පටයා
නා. ඉන්ද්රිය පිනවීමෙන් සෑහීමට පත් නොවන්නා ; කෑදරයා ; ධූර්තයා.
ලම්පෝරුව
නා. බෑවුම ; බෑවුම් හැඩය.
ලම්බ
1. වි. එල්බෙන ; පහතට එල්ලී වැටෙන.
2. (පාරිභා.) තිරස තලයකට සෘජු කෝණාකාර ව ඇති.
3. මහත් ; විශාල.
4. දික් ; උස්.
ලම්බ කේන්ද්රය
(පාරිභා.) නා. ත්රිකෝණයක ලම්බක තුන ඡේදනය වන ලක්ෂ්යය.
ලම්බ ගුරුත්වාවර්තනය
(පාරිභා.) නා. ශාකයක අවයවයක් වර්ධනය හේතු කොටගෙන පොළෝ පෘෂ්ඨයට ලම්බක වූ රේඛාවට හරස් වන පරිදි පිහිටීම.
ලම්බ තලය
(පාරිභා.) නා. තිරස් තලයකට සෘජුකෝණාකාර ව පිහිටි තලය.
ලම්බ දුර
(පාරිභා.) නා.ප්ර. තිරස් තලයකට සෘජුකෝණාකාරව ඇති දුර.
ලම්බ නිම්නය
නා. ප්රධාන ගංගාවක පතුලට බොහෝ ඉහළ මට්ටමක දී එහි නිම්නයට ඇතුළුවන අතු ගංගාවක නිම්නයක්.
ලම්බ වෘත්තය
(පාරිභා.) නා. ප්රලම්බව ඡේදනය වන වෘත්තය ; වෘත්ත දෙකක් ඡේදනය වන ලක්ෂයේ දී වෘත්ත දෙකට ඇඳි ස්පර්ශක එකිනෙකට ලම්බක වූ වෘත්තය.
ලම්බ සමච්ඡේදකය
(පාරිභා.) නා. සරල රේඛාවක් සමච්ඡේද කිරීමට ඊට සෘජුකෝණාකාර ව අඳිනු ලබන රේඛාව ; සෘජු විච්ඡේදකය.
ලම්බකය
1. නා. (පාරිභා.) තිරස්තලයකට සෘජු කෝණාකාරව පිහිටි රේඛාව.
2. එල්බ තිබීම ; පහතට එල්බෙමින් තිබීම.
ලම්බකර්ණ වංශය
නා. රාජ වංශයක නාමය ; ලක්දිව පෙර පැවති ක්ෂත්රිය වංශයක්.
ලම්බරේඛාව
නා. තිරස් තලයකට ලම්බාකාර ව පිහිටි රේඛා ; එකිනෙකට අංශක 80කින් ආනත රේඛා ; සිරස් රේඛාව.