සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1387
ලම්බාකාර
වි. එල්බෙන ස්වභාවය ඇති.
ලම්බිත
වි. එල්බ සිටින ; එල්බෙන ; රැඳී තිබෙන.
ලම්බිත පාලම
නා. එල්ලෙන පාලම.
ලම්බිත මලින
නා.ප්‍ර. වාතයෙහි රැඳී තිබෙන අපිරිසිදු ද්‍රව්‍ය.
ලමැණි
නා. සූර්ය වංශයට අයත් ලම්බකර්ණ නම් රාජ වංශය.
ලමු
1. වි. ලාමක ; පහත්.
2. පවින් යුත්.
ලඹකැටය
නා. පෙදරේරුවන් විසින් බිත්ති උළුවහු ආදිය ඇද නොවන සේ කෙළින් පිහිටා ඇතිදැයි පරීක්ෂා කිරීම සඳහා නූලකින් එල්ලී සිටින සේ සාදා ඇති ඊයම් බෝලය ; සිරස් රේඛාව දැක්වීම සඳහා නූලක බරක් එල්ලීමෙන් සාදන ලද උපකරණය.
ලඹදෙනවා
ක්‍රි. පහතට නැමී පවතිනවා ; එල්බෙනවා ; එල්ලෙනවා ; ලඹනවා.
ලඹදොර
නා.ප්‍ර. හිනි පෙති පඞ්ක්තිය.
ලඹබාහුව
නා. මෝටර් රථයක සුක්කානම් එකලසෙහි කොටසක් ; එක් කොනකින් සුක්කානම ගියර් පෙට්ටියට ද අනෙක් කොනින් තිරස් බාහුවට ද සම්බන්ධ වී ඇති කොටස.
ලඹසවන්
1. වි. එල්බෙන කන් ඇති.
1. නා.ප්‍ර. එල්බෙන කන් ඇත්තා.
2. පුරාණ කාලයේ දී විසූ ක්ෂත්රිය කුලයක නාමය ; ලම්බකර්ණ.
ලය
1. නා.ප්‍ර. ගායන-වාදන නර්තනයෙහි සම වූ කාල ප්‍රමාණය ; කාලය පවත්වනු ලබන වේග ප්‍රමාණය.
2. චිත්‍ර ශිල්පයට අදාළ ව රේඛාවල සාම්‍යය.
ලයාන්විත
[ලය + අන්විත]
වි. තාලයෙන් යුත් ; තාලය අනුව යන ; ලයානුගත ; ලයානුකුල.
ලයිකනය
(පාරිභා.) නා. ඇල්ගාවක් හා දිලීරයක් ඉතා ළඟ ආශ්‍රයට පත්වීමෙන් සෑදුණු සංයුක්ත ශාකයක් ; ලී කඳන්, ගස් ගල් ආදියෙහි බැඳෙන තද කොළ පාට ඇති පාසි වර්ගයක්.
ලයිට් හවුස්
නා.ප්‍ර. විශේෂයෙන් නැව්වලට මඟ පෙන්වීම සඳහා වෙරළට ආසන්න ව ඉදිකරන ලද විශාල පහන් කණුවක් ; ප්‍රදීපාගාරය.
ලයිතන්
1. නා.ප්‍ර. අධිතර බල ලත් යුද්ධ නිලධාරින් අතර කනිෂ්ඨතමයා ; කපිතාන්වරයකුට පහළින් සිටින්නා ; ලුතිනන්.
2. අමාරුකාරයා ; චණ්ඩියා.
ලයිනිං
නා.ප්‍ර. ඇඳුමක් මැසීමේ දී, විනිවිද පෙනීම ආදිය වැලැක්වීම සඳහා එහි යට පැත්තට අල්ලන රෙද්ද ; යටින් දමන ප්ලාස්ටික් හෝ ලෝහ සිවිය.
ලයිනින්
(පාරිභා.) නා.ප්‍ර. සෛල න්‍යෂ්ටියේ ජාලය සෑදී තිබෙන ද්‍රව්‍යයක්.
ලයිනෝ යන්ත්‍රය
නා. මුද්‍රණ ශිල්පය සඳහා උපයෝගී කරගන්නා නවීන යන්ත්‍ර විශේෂයක්.
ලයිනෝටයිප්
නා.ප්‍ර. මුද්‍රණය සඳහා අකුරු ඇමිණීමේ දී එක එක අකුර බැගින් අමුණනු වෙනුවට වචන පේළියක් ම එක විට වාත්තු කිරීමේ ක්‍රමය.
ලයිපේස
(පාරිභා.) නා.ප්‍ර. මේද දිරවන එන්සයිමයක්.
ලයිම
නා. එක දිගට තනි වහලක් වශයෙන් සම්බන්ධ කොට වෙන වෙනම නිවාස හැටියට වෙන් කර තනා ඇති ගොඩනැගිලි පේළිය ; වතු කම්කරුවන් ආදීන්ගේ වාසය සඳහා වූ බද්ධ නිවාස පේළිය.
ලයිසම
නා. යමක් පාවිච්චි කිරිම සඳහා හෝ යම් ව්‍යාපාරයක යෙදීම සඳහා හෝ ගාස්තුවක් අය කොට රජයෙන් දෙනු ලබන බලපත්‍රය ; ලයිසන් පත්‍රය ; ලයිසන්සිය ; ලැයිසම.
ලලන
වි. ලෙලදෙන ; බබළන ; ලීලෝපේත.
1. නා.ප්‍ර. සෙලවීම ; චලනය ; පැද්දීම ; ලෙලදීම.
2. ලෙව කෑම ; දිව ගෑම.
3. ක්‍රීඩා කරන ස්ථානය.