සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1388

ලලනාව

නා. කාන්තාව (රූ සපුවෙන් හෙබි) ; අඟන.

ලලාට ධාතුව

නා. බුදු සිරුරින් ගත් අතිශයින් පූජනීය කොට සලකනු ලබන නළල් ඇටය.

ලලාට පට

නා.ප්‍ර. නළලෙහි බඳිනු ලබන අලංකාර පලඳනාවක් ; නළල්පට ; ලලාටිකාව.

ලලාටය

නා. අපි-කපාලයට පහළින් හිසේ ඉදිරිපස පිහිටි කොටස ; මුහුණේ ඇස්බැම දෙකට හා හිසේ ස්වභාවික කේශ පද්ධතියට අතර ඇති ප්‍රදේශය ; නළල ; නළල් තලය.

ලලාටාස්ථිය

[ලලාට + අස්ථිය]
නා. නළල් පෙදෙසට අයත් අස්ථිය ; පෘෂ්ඨවංශි කපාලයේ අක්ෂිකූප අතර තිබෙන පෘෂ්ඨීය සඟල පටලාස්ථියක් ; නළල් ඇටය.

ලලිත

1. වි. ලීලෝපේත ; ලෙලෙන ; රමණීය ; මනහර.
2. උචිත ; සුදුසු ; යෝග්‍ය.
3. බොළඳ ; සුරතල්; සියුමැලි.
නා.ප්‍ර. ක්‍රීඩාව ; නෘත්‍යය.

ලලිත කලාව

නා. චිත්‍ර, මූර්ති, නෘත්‍ය, ගීත, වාදන ආදි මනෝඥ සෞන්දර්ය කලාවන්ගෙන් කවර හෝ එකක්.

ලලිතය

නා. සෞන්දර්යාත්මක චලනය ; ලාලිත්‍යය.

ලලිතාහිනය

[ලලිත + අභිනය]
නා. නැටුමේ දී බැලීමෙන් හෝ අඞ්ග චලනයෙන් හෘද්ගත භාවය දැක්වීම ; විශේෂයෙන් ම කාන්තාවන්ගේ අංග චලනයෙන් දක්වන ඉඞ්ගිතය.

ලව

1. නා.ප්‍ර. ඉතා ටික ; ස්වල්ප ප්‍රමාණය ; කුඩා කොටස ; ලේශය.
2. ඌනතාව ; අඩුව.
3. දිය බින්දුව ; පිනිබිඳ.
4. ඉතා ස්වල්ප වේලාව ; නිමේෂය.
6. (ගණිත) සාමාන්‍ය භාගයක ඉරට උඩින් (3/5 යන්නෙහි 3 මෙන්) පවතින සංඛ්‍යාව ; ලවය.
7. කාව්‍යාලංකාරයක්.
8. (පාරිභා.) සෛලයක් තුළ තිබෙන ප්‍රාග් ප්ලාස්මීය වස්තුවක් හෝ සෛලයක් තුළ තිබෙන ඕනෑම කුඩා අංශුවක්.

ලවක

වි. කපන ; නෙලන.
නා.ප්‍ර. කපන්නා ; දෑකැත්තෙන් කපන්නා.

ලවක් දෙවක්

1. ක්‍රි.වි. කෙළවරක් ; සීමාවක් ; අගක් මුලක්.
2. අර්ථයක් ; තේරුමක්.
3. හේතුවක්.

ලවඟ

1. නා.ප්‍ර. කුරුදු.
2. කරාබු.

ලවණ

1. නා.ප්‍ර. ලුණු ; සියලු වර්ගවලට අයත් ලුණු.
2. ලුණු රසය.
වි. ලුණුවලට සම්බන්ධ ; ලුණෙන් සකස්වුණු ; ලුණුවලට අයත්.

ලවණ ජලය

නා. ලුණු රස ඇති වතුර ; ලුණු මුසු ජලය.

ලවණ ජීවියා

(පාරිභා.) නා. ලුණු මිශ්‍ර වතුරේ වාසය කරන සතා ; මුහුදු වතුරේ ජීවත්වන සත්වයා.

ලවණ නිධිය

(පාරිභා.) නා. ලවණ ජලය ලුණු වසයෙන් තැන්පත්වීම.

ලවණ විල

නා. මුහුදු ජලය ගලා ගොස් වාෂ්පබවට පත්වන ස්වභාවික ජලාශ ; ලුණු තඩාග ; කරදිය විල.

ලවණජ

නා.ප්‍ර. (රසා.) fප්ලෝරින්, ක්ලෝරින්, අයඩීන්, ඇස්ටටීන් හා බ්‍රෝමීන් අඩංගු හැලජන් පවුලේ ඕනෑම මූල ද්‍රව්‍යයක්.

ලවණතාමානය

නා. ජලයේ ඇති ලුණු ගතිය හෙවත් ලවණතාව මැනීම පිණිස උපයෝගී කරගන්නා හයිඩ්‍රොමීටරය.

ලවණීය

වි. ලුණු සහිත ; ලුණු රසයෙන් යුත්.

ලවන

1. නා.ප්‍ර. තොල ; අධරය ; ඕෂ්ඨය.
2. සිඳීම ; කැපීම ; ඡේදනය.

ලවන්

නා.ප්‍ර. තණකොළ ; වල් පැළෑටි ආදිය.

ලවය

1. නා. කැපීම, නෙලීම.
2. කුඩාකම.
3. භාග සංඛ්‍යාවක ඉරට උඩින් වූ සංඛ්‍යාව.