සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1389

ලවල්

නා.ප්‍ර. තණකොල.

ලවා ගන්නවා

1. ක්‍රි. පමුණුවා ගන්නවා.
2. සොයා ගන්නවා.
3. තබාගන්නවා ; පිහිටුවා ගන්නවා.
4. ඇති කරගන්නවා ; උපදවා ගන්නවා.
5. දල්වා ගන්නවා ; පත්තු කර ගන්නවා.

ලවාලනවා

1. ක්‍රි. පිළියෙළ කර දෙනවා ; තනනවා ; සකස් කරනවා.
2. බහාලනවා ; තැන්පත් කරනවා. සලසනවා ; ඇති කරනවා.
4. අතුරනවා ; දමනවා.
5. මෙහෙයවනවා ; යොදනවා.

ලවිතය

නා. දෑකැත්ත.

ලවුල්

නා.ප්‍ර. හිතේ කරදර ; හිතේ ආකූල-ව්‍යාකූලභාවය.

ලවුල්ලය

නා. ආසාව ; ඇල්ම ; රුචිය ; අභිලාෂය.

ලස

1. වි. ප්‍රමාද ; ශීඝ්‍ර නොවන ; අලස ; මැලි ; හෝන්දුමාන්දු.
2. බබළන ; දීප්තිමත්.
1. නා.ප්‍ර. නොඉක්මන්බව ; පමාව ; ප්‍රමාදය.
2. අත්ලස ; අල්ලස ; පගාව.

ලස්කිරිඤ්ඤ

1. නා. හෙල්ල ; ලන්සය.
2. හෙල්ලෙන් සන්නද්ධ වූ භට හමුදාව.

ලස්නාරු පෙට්ටිය

නා. සම්මාදම් දමන පෙට්ටිය ; පින් පෙට්ටිය.

ලස්සණ

වි. රූප සම්පන්න ; හැඩ වැඩ ඇති ; සුරූපී ; සිත්ගන්නා සුලු ; මනහර ; මනෝඥ ; සුන්දර.

ලසිකා

නා.ප්‍ර. පෘෂ්ඨවංශීන්ගේ කණ්ඩරා කොපුවල ද සචේෂ්ට සන්ධිවල ද පවතින බෙලසුල් ද්‍රව්‍යය.

ලසිකා තරලය

නා. ලසිකා පටලය මගින් සන්ධිවල හා කණ්ඩරා කොපුවල ඇතිවන ලිහිස්සී බෙලසුල් ද්‍රව්‍යය.

ලසිකා දාහය

නා. සන්ධියක ලසිකා පටලයේ ඉදිමීම.

ලසිකා පටලය

(පාරිභා.) නා. ලසිකා ස්‍රාවය කරන සියුම් සම්බන්ධක පටක ස්තරය.

ලසිත

වි. බබළන ; දීප්තිමත්.

ලසුණු

නා.ප්‍ර. ලූනු විශේෂයෙන් සුදු ලූනු.

ලසුනි

නා.ප්‍ර. රනින් ඔප දමූ හරිත වර්ණය බඳු වර්ණයකින් යුතු මැණික් විශේෂයක්. මෙය ගෝමේද ප්‍රභේදයකි.

ලසොල්

නා.ප්‍ර. හිස් දෙය ; නිසරු දෑ.

ලහ

1. නා.ප්‍ර. ඉරටුව ; කූර.
2. සංඝයා වෙත දන් ආදිය දීම සඳහා ලබන පැවරුම් ; සලාකය.
3. ලාකඩ ; ලතු.
4. වී ආදි ධාන්‍ය මනින උපකරණය ; ලාහ ; කුරුණිය.

ලහ පත

නා. දායකයාගේ නම සඳහන් සලාක පත්‍රිකාව.

ලහ බත්

නා.ප්‍ර. සලාක බත ; ලහපත්හි නම සඳහන් දායකයා විසින් ඒ ලහපත් ලැබූ භික්ෂූන්ට පිළිගන්වන දාන බත.

ලහ මැදිරිය

නා. කුඩයේ කූරු මිටිය ; කුඩ මිට වටා ඇති කුරු ගොන්න.

ලහටු

1. නා.ප්‍ර. ගස් ආදියෙන් වැගිරෙන ඇලෙන සුලු ඕජස ; කඩදාසි ආදිය ඇලවීමට උපයෝගී කරගනු ලබන බෙලසුල් ද්‍රව්‍ය ; මැලියම්.
2. දුම්මල.

ලහඬුව

නා. එකට ඇලී තද වී ඇති දෙය.