සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1390
ලහන්ද
1. නා. කුඹුරේ වක්කඩ අහුරන ලීය.
2. ඇලක හරහට දමන ලී කඳ ; ඒදණ්ඩ.
ලහස්ස
නා.ප්‍ර. ධාන්‍ය තෙල් ආදිය මැනීම සඳහා භාවිත කරන මිනුමක් ; නැලි හතරක ප්‍රමාණය.
ලහි-ලහියේ
ක්‍රි.වි. ඉක්මනින් ; වහ වහා.
ලහිකරනවා
ක්‍රි. ඉක්මන් කරනවා ; හදිසි කරනවා.
ලහු
වි. බරපතල නොවන ; සැහැල්ලු ; ලඝු ; අල්ප.
ලහුක පරිවර්තනය
1. නා. ඉක්මන් පෙරළුම ; ලහුක ප්‍රවෘත්තිය.
2. සැහැල්ලු පැවැත්ම ; ලුහු පිරිවැටුම.
ලහුකතා
නා.ප්‍ර. සැහැල්ලු බව ; ලඝුතා.
ලළනවා
ක්‍රි. සෙලවෙනවා ; වංචල වෙනවා ; ලෙළ දෙනවා.
ලළුව
නා. (ක්‍රීඩා) නාටක.
ලා
1. නා.ප්‍ර. ලාටු.
2. ලතු ; ලාක්ෂා ; ලාකඩ.
3. සලාක ; ලහ.
4. ඉරටුව ; කූර.
5. පාදාභරණ විශේෂයක් ; පාසලඹ.
6. උරහිස.
1. නි. ඇතැම් නාම පදවල බහුවචනාර්ථය ප්‍රකට කිරීමෙහි යෙදේ.
2. ආධාරාර්ථයෙහි යෙදේ.
3. ලනවා යන්නෙහි පූර්වක්රියා රූපය.
ලා ගන්නවා
1. ක්‍රි. දමා ගන්නවා ; බහා ගන්නවා ; පැලඳ ගන්නවා.
2. හරවා ගන්නවා ; තබා ගන්නවා.
3. අටවා ගන්නවා ; සාදා ගන්නවා.
ලා බත් පෙට්ටිය
නා. බත් ආදිය සංඝයාට දෙන දායකයන්ගේ නම් ලියූ තල්පත් කැබලි ආදිය දමන පෙට්ටිය.
ලාංකික
වි. ලංකාවට අයත් ; ලංකාව හා සම්බන්ධ ; ලංකාවේ උපන්.
ලාකඩ
1. නා.ප්‍ර. ලාක්ෂා නම් කෘමියා විසින් නිපදවනු ලබන ලාටු වැනි ද්‍රව්‍යය ; ලතු ; ලාක්ෂා.
2. ලියුම් ආදියෙහි මුද්‍රා තැබීම සඳහා උණු කොට භාවිත කරනු ලබන ලාකඩ.
ලාකඩ පෙන්දුව
නා. ලාකඩ පෙරීම සඳහා භාවිත උපකරණයක්.
ලාකම්
නා.ප්‍ර. ලාක්ෂා කර්මය ; ලාක්ෂාවලින් සායම් ගෑම.
ලාක්ෂකය
(පාරිභා.) නා. ද්‍රාව්‍ය සායමක් සමග ලෝහ හයිඩ්රොක්සයිඩ් සංයෝජනය කිරීමෙන් ලැබෙන අද්‍රාව්‍ය වර්ණවත් ද්‍රව්‍යයක්.
ලාක්ෂණික
1. වි. ලක්ෂණයෙන් යුතු ; ලක්ෂණ ශක්තියෙන් අවබෝධ කටයුතූ.
2. ආවේණික වූ ; පොදු ලක්ෂණයෙන් යුතු.
3. හඳුනැනීමේ ලකුණු පිළිබඳ වූ.
4. චාව්යාර්ථයෙන් අන්‍ය වූ අර්ථයක් ගෙන දෙන ; ද්විතීයාර්ථයක් ඇති.
නා.ප්‍ර. ශබ්දය බෙදෙන ත්‍රිවිධ කොටස්වලින් එකක්.
ලාක්ෂණික වක්‍රය
(පාරිභා.) නා. වෙනස්වන්නා වූ අගයන් දෙකක් අතර සම්බන්ධතාව පෙන්වීම සඳහා ප්‍රස්තාර කඩදාසියක ලකුණු කරනු ලබන වක්‍රය.
ලාක්ෂාරසය
නා. ලතුදිය ; ලාකඩ දියරය.
ලාගය
නා. ආකාරය ; ලීලාව ; අන්දම.
නි. වැනි ; මෙන් ; වගේ.
ලාඝවය
1. නා. සැහැල්ලු බව.
2. කුඩාබව.
ලාඞ්ගල
1. නා.ප්‍ර. සීසෑම සඳහා භාවිත කරන නගුල.
2. පුරුෂ නිමිත්ත ; වෘෂණය.
3. පොල්ගස.
4. (ගව ආදි සිවුපා සතුන්ගේ) නගුට ; වලිගය.
ලාච්චුව
නා. මේස, කැබිනට්, අල්මාරි ආදියෙහි යම් යම් දේ සුරක්ෂිතව තබා ගැනීම සඳහා පිටතට ඇදීමට හා වැසීමට හැකි වන සේ සවි කරන පෙට්ටියක ආකාරය ඇති අංගය.
ලාඡ
නා. වී පොරි ; විලඳ