සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1385
ලද්ධ
වි. ලබන ලද ; ලැබූ.
ලදිය
1. නා. අලුතින් වැටුණු වැස්සෙන් ලද වතුර ; නව වතුර.
2. ආලය ; බැඳීම; ආදරය.
ලදුපත
නා. මුදල් බාරගත් බවට දෙන ලියවිල්ල ; කුවිතාන්සිය ; බිල්පත.
ලනවා
1. පූර්ව.ක්රි. (ද්රව්යාදිය) බහාලනවා ; දමනවා ; හෙලනවා ; ප්රක්ෂේපණය කරනවා.
2. (ද්රව්යාදිය) ගෙන එනවා ; ආහරණය කරනවා ; සම්පාදනය කරනවා.
3. සිරකර තබනවා (යමක) තැන්පත් කර තබනවා ;
4. ආභරණ ආදිය පලඳිනවා ; ඇඟලනවා.
5. (අසුන් ආදිය ) පනවනවා ; සාදනවා.
6. (ඖෂධාදිය) ගල්වනවා ; ආලේප කරනවා.
7. දුරු කරනවා ; විධ්වංශනය කරනවා.
8. කනවා ; අනුභව කරනවා.
9. පහර දෙනවා ; ගහනවා.
ලන්ඩාව
නා. ලොකු යකඩ කූර ; නාරස්සනය.
ලන්ද
නා. කුඩා පස්-පඳුරුවලින් ගැවසීගත් කැලය ; නොමේරු වනය ; ළපටි කැලය ; ලැහැබ ; ලඳු බිම ; ලඳු කැලය.
ලන්ද්රාද්
නා.ප්ර. මේ රටෙහි ලන්දේසින් ඉඩම් නඩු විසඳීම සඳහා ඇති කළ උසාවි වර්ගයක්.
ලන්දේසියා
නා. ඕලන්දයේ වැසියා ; ඕලන්ද දේශවාසියා ; ඕලන්දක්කාරයා ; ලංසි ජාතිකයා.
ලන්ස
නා.ප්ර. අතින් විසි කරන උල් ආයුධ ; තෝමර ; කුන්ත.
ලන්ස නිලය
නා. ලන්සය දැරීමේ පදවිය.
ලන්සකය
(පාරිභා.) නා. විදින කටුව ; ශලාකාව.
ලන්සකාරයා
නා. ලන්සයක් දරන්නා ; හෙල්ලකින් සන්නද්ධ සෙබළා.
ලඳ
ළද බ.
ලඳු කනත්ත
නා. හේන් කෙටීමෙන් පසු, පාළුවට ඇරී තරමක් දුරට කැළය වැවුණු ඉඩම ; ලන්දක් බවට පත් වුණු අත්හළ හේන.
ලප උණ
නා.ප්ර. කිණිතුල්ලා නිසා හට ගන්නා උණ රෝගයක්.
ලපටි
ළපටි බ
ලපටියා
ළපටියා බ.
ලපන
1. නා.ප්ර. කථනය ; කථා කිරීම.
2. (භික්ෂුවක්) ලාභ සත්කාර අපේක්ෂාවෙන් දායකයා පෙලඹෙන අයුරින් ඔහුගේ ගුණකථනය කිරීම.
3. මුහුණ; වක්ත්රය.
ලපය
1. නා. යම් වස්තුවක් මත ස්වභාවයෙන් ම පිහිටන සලකුණ ; කැලල ; පුල්ලිය.
2. රෝග ස්වභාවයක් නිසා සමේ ඇති වන සලකුණු.
ලප්
නා.ප්ර. ලබු.
ලප් නාරං
නා.ප්ර. දෙහි ගෙඩියකට වඩා විශාල නාරං වර්ගයක් ; වන ද නස්නාරන්.
ලප්ප වෙනවා
ක්රි. හිමිහිට ඇල වෙවී යනවා ; ටිකින් ටික පැත්තකට බර වෙනවා.
ලප්පිය
නා. රෙද්දක ඉරුණු හෝ පිළිස්සුණු තැනකට අලුත්වැඩියා කිරීම සඳහා අල්ලා මසන රෙදි කඩ ; අණ්ඩය.