සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1438
වටී
1. නා.ප්ර. ගුලිය ; වටිකාව.
2. පොලිය.
නි. වැනි ; අයුරු.
වටුපිල
(කථා.) නා. ගෙයි බිත්ති සවි වීම සඳහා බඳනා ලද කයියෝරුව.
වටුම
නා. මාර්ගය ; පාර.
වටුවා
නා. වගුරු ආශ්රිතව වසන කුඩා පක්ෂි වර්ගය ; තිත්තර (වටු) ගණයට අයත් පක්ෂියෙක්.
වටොර
නා. මසින් පිරුණු වට වූ කළවය.
වඩ
වි. ඇතැම් ; සමහර.
1. නා.ප්ර. අඩ ; භාගය.
2. ඇපය.
3. කැපීම.
4. හිස නැති මළකඳ.
වඩක්කයා
නා. මහත් වූ සිරුරු ඇත්තා ; ස්ථූල පුද්ගලයා.
වඩක්කුව
නා. පිසින ලද ආහාර ; උයා පිළියෙල කළ කෑම.
වඩදිය
නා. සූර්යයා සහ චන්ද්රයාගේ ආකර්ෂණය නිසා ගංගා මුහුදු ආදියේ ජල මට්ටම ඉහළ යෑම.
වඩන කැවුම
(කථා.) නා. අච්චුවකට දමා තනා තෙලෙන් බැද ගන්නා කැවුම.
වඩන තුවක්කුව
නා. ගමනක් පිටත් වන විට රජුට පිළිගන්වන හෝ රජ පෙරහැරේ ඉදිරියෙන්ම ගෙන ගිය තුවක්කුව.
වඩනවා
1. ක්රි. දියුණු වෙනවා.
2. ඇති දැඩි කරනවා.
3. පැමිණෙනවා ; වැඩම කරනවා.
4. වටිනාකමින් වැඩි වෙනවා.
5. උකුළට ගන්නවා.
6. ඇඳුම් අබරණ ආදියෙන් සැරසෙනවා.
7. පිළිගන්නනවා.
8. පැන් ආදිය වක් කරනවා.
9. දීර්ඝායුෂ පතනවා.
10. තනනවා ; සකස් කරනවා.
11. (පවන්) සලනවා.
12. නිවනවා.
වඩනුවා
නා. වැඩි දියුණු කරන්නා.
වඩබ
නා.ප්ර. වෙළඹ ; අශ්වධේනුව.
වඩබා රේඛාව
(පාරිභා.) නා. එකම අවස්ථාවක දී පවතින වඩදිය - බාදිය මට්ටට දක්වන රේඛාව.
වඩබාග්නිය
නා. මුහුදේ ඇති වෙළඹ මුඛාකාර මකර කටින් නිකුත් වෙතැයි සැලකෙන මහා ගිනි ජාලාව ; වඩබාගින්න.
වඩබාදිය
නා. චන්ද්ර සූර්ය ආකර්ෂණය නිසා සාගර ජලය වැඩි අඩු වීම.
වඩබාමුඛය
නා. අශ්වධේනුවකගේ මුඛයෙහි හැඩයෙන් යුක්ත වූ සාගර පත්ලෙහි ඇතැයි පුරාණ කථා වල සඳහන් වන්නා වූ සුවිශාල ආවාටයක් ; මකර කට ; වඩබාග්නි මුඛය.
වඩම
1. නා. මල්දම ; මල්මාලාව.
2. ඔන්විලි ආදිය බැඳීමේ දී අත්තට දමන වලල්ල.
3. (පාරිභා.) සමහර ගෙඩිවල ඩිම්බ වෘත්තයෙන් හටගන්නා බීජයේ උපාංගයක් ලෙස ඇති මාංසල අවයවය ; බීජ චෝලය.
වඩය
(කථා.) නා. පරිප්පු, උලුඳු ආදිය අඹරා කපන ලද මිරිස් රතුලූනු ආදිය එක්කොට කවාකාරව වඩා තෙලෙන් බැද ගන්නා කැවිලි විශේෂයක්.
වඩ්ඪකී
නා.ප්ර. ලී කර්මාන්ත කරන්නා ; වඩුවා.
වඩ්ඪිය
1. නා. ඔට්ටුව.
2. පොලිය.
වඩා හිඳුවනවා
ක්රි. භික්ෂූන් වහන්සේ නමක් වාඩි කරවනවා ; අසුන් ගැනීමට සලස්වනවා.
වඩාගන්නවා
1. ක්රි. උකුලට හෝ ඇකයට ගන්නවා.
2. පමුණුවා ගන්නවා ; වැඩම කරනවා.
3. හදාගන්නවා ; ඇති දැඩි කරනවා.
4. වැඩි කර ගන්නවා.