සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1439
වඩාත්
නි. වැඩියෙන් ම ; වැඩිපුර ම.
වඩාරෑන
(කථා.) නා. ඔරුවේ ඇණියෙහි ලණුව.
වඩැල
(කථා.) නා. කුඹුරේ යටි පැත්තෙන් කපන ඇල.
වඩි
1. නා.ප්‍ර. වැඩි වීම.
2. වඩුවා.
3. මැණික් ඔප දැමීමට ගන්නා බදාමය.
4. චිත්‍ර ඵලකයක් සඳහා ගැනෙන බදාමය.
5. පොල්, කුරුඳු ආදියෙන් තෙල් සිඳ ගැනීමට වරකට සෙක්කුවට හෝ බඳුනට දමන ප්‍රමාණය.
6. වරකට බීමට සිඳිනු ලබන කසාය ප්‍රමාණය.
වඩි වලංගුව
(කථා.) නා. කීකරුකම ; ගුණ යහපත්කම.
වඩිග
1. නා.ප්‍ර. දකුණු ඉන්දියානු ප්‍රදේශයක්; තෙළිඟු රට.
2. දකුණු ඉන්දියානු ජන පිරිසක්.
වඩිග පටුන
නා. වඩිග දෙසින් පැමිණි බමුණන් සත් දෙනකු හා සම්බන්ධ පුවතක් ඇතුළුව කරනු ලබන පහත රට සම්ප්‍රදායට අයත් යාගයක්.
වඩිච්චලේ
(කථා.) නා. කුඹුරෙහි වැඩි දිය බැස යෑම.
වඩිච්චිය
නා. බිත්ති සෑදීමට තැනූ ලී කෝටු සැකිල්ල ; වරිච්චිය.
වඩිජ්ජ
නා.ප්‍ර. වඩදිය.
වඩිනවා
1. ක්‍රි. පැමිණෙනවා ; වැඩම කරනවා.
2. අගය වෙනවා ; වඩා වටිනවා.
3. වැඩි වෙනවා.
4. දියුණු වෙනවා.
වඩිම්බුව
නා. පරාල කොන් වැසෙන සේ වහල කෙළවර දිගට සවි කරන පළල් ලෑල්ල.
වඩිශය
නා. පෙරදිග වෛද්‍ය ශිල්පයට අයත් ශල්‍ය උපකරණයක්.
වඩු
1. නා.ප්‍ර. වර්ධනය කරන්නා.
2. දැවයෙන් කර්මාන්ත කකරන්නා ; වඩුවා ; වඩුබාස්.
3. ගොඩනැගිලි සාදන්නා.
4. පොරොවෙන් වැඩ කරන්නා ; පොරෝ කාරයා.
5. වේවැල්, බටපොතු ආදියෙන් භාණ්ඩ සාදන්නා.
6. (කථා.) මී කඩන්නා.
7. බඹරා ; මී මැස්සා.
වඩු අගුල
නා. වඩුවන් භාවිත කරන අඟලේ මිම්ම.
වඩු කම්හල
නා. වඩු වැඩ කරන කර්මාන්ත ශාලාව ; වඩුමඩුව.
වඩු කුරුල්ලා
නා. අලංකාර හැඩයකින් යුත් කූඩු තනන පක්ෂියෙක්.
වඩු නිමාව
නා. දැව භාණ්ඩයකින් වඩුවකුගේ ශිල්පීය දස්කම් පිළිබිඹු කරන නිමැවුම.
වඩු නිලේ
නා. වඩුවන්ගේ නායකයා.
වඩු පතුරු
(කථා.) නා.ප්‍ර. කපන ලද සසින ලද දැවවලින් ඉතිරි වන කැබලි.
වඩු බංකුව
නා. වඩු කාර්මාන්තයේ දී ලී කැපීම, ඉරීම හා යතු ගෑම ආදී කටයුතු සඳහා භාවිත කෙරෙන මේසය.
වඩු බාස්
නා.ප්‍ර. වඩු කර්මාන්තයෙහි යෙදෙන්නා ; වඩු කාර්මිකයා ; වඩු රාළ.
වඩු රියන
නා. වඩු කර්මාන්තයේ භාවිත කෙරෙන මැනුම් කෝදුව ; වියත් දෙක.
වඩුව
1. නා. පොරව.
2. වඩු රියන.
3. මට්ටම් ලෑල්ල.