සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1440

වණ

1. නා.ප්‍ර. වර්ණය ; පැහැය.
2. ජාතිය ; වංශය.
3. අකුර.
4. ශබ්දය.
5. තුවාලය.
6. පොකුර.
7. කොළය.

වණ පෙරැළි

නා.ප්‍ර. (ව්‍යාක.) යම් පදයක ව්‍යඤ්ජනාක්ෂර මාරු වීම ; ගතකුරුවල ස්ථාන වෙනස් වීම.

වණ වැටිය

නා. තෙලිකූර ; පින්සල ; වර්ණ ආලේප කරන බුරුසුව.

වණම

නා. කොටස ; කොට්ඨාසය.

වණ්ට

නා.ප්‍ර. නටුව ; නැට්ට.

වණ්ඩුව

නා. වාෂ්පයෙන් යමක් තැම්බීමට සැළියේ කටෙහි බඳිනු ලබන රෙදි කැබැල්ල ; කඩපිම්ම ; කඩඋන්න.

වණ්ණ

1. නා.ප්‍ර. පැහැය ; පාට.
2. ගුණය.
3. රූප ශෝභාව.

වණ්ණ මට්ටය

[නා.) සිතුවම් ඇඳීම හා කැටයම් කැපීම.

වණ්ණක්කා

නා. පුරාණ රජ දවස ලෝහ කාසි, රත්රන් ආදිය පරීක්ෂා කළ නිලධාරියා.

වණ්ණකු

නා.ප්‍ර. රජ දවස භාණ්ඩවල වටිනාකම තක්සේරු කළ පුද්ගලයා.

වණ්ණදසක

නා.ප්‍ර. වයස විසි එක සිට තිහ දක්වා දස අවුරුද්ද.

වණ්ණදාසිය

1. නා. රජ බිසෝ ආදීන්ට ආභරණාදිය පලඳවන දාසිය.
2. රූපය නිසා මෙහෙකමට තබාගත් ස්ත්‍රිය ; කම්මිත්ත.
3. වෙසඟන.

වණ්ණම

1. නා. සිතියම ; චිත්‍රය.
2. සිව්පද වෘත්තයක්.
3. විශේෂ වෘත්තයකට අනුව බඳින ලද පැදි ගයමින් කරන නැටුම් විශේෂය.
4. වාසගම පෙළපත් නාමය.

වණ්ණු

නා.ප්‍ර. වැලි ; වාලුකා.

වණික්

වි. වෙළඳාම හා සම්බන්ධ ; වාණිජ.

වණික්කර්මය

නා. වෙළඳාම ; අලෙවි කාර්යය.

වණිජ

නා.ප්‍ර. වෙළඳාම ; විකිණීම.

වණිජයා

නා. වෙළෙන්දා.

වණු

නා.ප්‍ර. පණුවා.

වත

1. නා. මුහුණ.
2. ඉන්ද්‍රිය සංවරයට හේතු වන පිළිවෙත ; ව්‍රතය.
3. සිරිත.
4. වැඩිහිටි, ගිලන් ආදීනට කරන උපස්ථාන.
5. භික්ෂූන් විසින් පිළිපැදිය යුතු ප්‍රතිපත්ති.
6. ඇඳුම ; වස්ත්‍රය.
7. උතුරු සළුව ; සාටකය.
8. පුවත ; විස්තරය.
9. වස්තුව ; ධනය.
10. පාර ; මාර්ගය.
11. ඇඳ පුටු ආදියේ හේත්තු වීමට ඇති ඇන්ද ; විත්තම.

වත පුටුව

නා. ඇන්ද සහිත පුටුව.

වතගහනවා

(කථා.) ක්‍රි. 1. ලී බඩුවල කොටස් පුරුද්දනවා ; වද්දනවා.
2. නගුල් ආදියේ මිට ගහනවා.

වතගොත

නා. යමකුගේ පවුල් විස්තර ආදී තොරතුරු ; වගතුග ; වංහුං.

වතත

නා. ගණදෙවි.