සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1441
වතර ලෙවලය
නා. තිරස් දෘෂ්ටි රේඛාව නිර්ණය කර ගැනීම සඳහා උපකරණය ; ජල මට්ටම ; දිය බින්දුව.
වතළ
1. වි. වැතිරුණු ; පැතිරුණු ; විහිදුණු ; පතළ.
2. ගැවසීගත් ; ආකීර්ණ වූ.
වත්
1. නා.ප්‍ර. මුහුණ ; මුව.
2. ව්‍රතය.
3. සිරිත්.
4. ඇඳුම ; වස්ත්‍රය.
5. පුවත.
6. භූමි ප්‍රදේශය.
7. වස්තුව.
1. වි. සුවඳ කැවූ.
2. සුදුසු.
3. වටකුරු ; රවුම්.
නි. හෝ යන අරුත දෙන නිපාතයක්.
වත්කම
1. නා. දේපොළ, මිළ මුදල් ආදියේ හිමිකම.
2. වස්තුවට ඇති ආශාව.
3. ගොවියන් එකිනෙකාට උදවු වශයෙන් කරන එක් දිනක වැඩ.
වත්කරනවා
ක්‍රි. ද්‍රවයක් වැගිරීමට සලස්වනවා.
වත්කැමි
1. නා.ප්‍ර. වස්තුවට ඇති ආශාව.
2. උපකාරය ; රුකුල.
3. හස්ත කර්මාන්ත කාරයා.
වත්කියමන්
නා.ප්‍ර. යම් වස්තුවක ස්වභාවය ඇති සැටියෙන් පැවසීම ; ස්වභාවෝක්ති අලංකාරය.
වත්ත
1. නා. වගා කළ හෝ නොකළ ඉඩකඩම්.
2. කුඹුර.
3. මිදුල.
4. ඇප උපස්ථාන ; ආවතේව.
වත්ත තනනවා
ක්‍රි. වැපිරීමට පෙර කුඹුරක දිය මාර්ග සකස් කරනවා.
වත්තන් කරනවා
ක්‍රි. අතපය වාරු නැති කෙනෙකුට නැගිට යාමට උදව් දෙනවා ; හේත්තු කරගෙන යනවා.
වත්තපිටිය
නා. වතුපිටි ; ඉඩකඩම්.
වත්තම
නා. උපකාරය ; සාත්තුව.
වත්ථු විජ්ජාව
නා. ගෙබිම පිළිබඳ සුබාසුබ උගන්වන ශාස්ත්‍රය ; ගෙබිම් ශාස්ත්‍රය ; වාස්තු විද්‍යාව.
වත්නවා
ක්‍රි. පවතිනවා.
වත්පද
නා.ප්‍ර.බහු. හැසිරීම පිළිබඳ අවවාද ; ශික්ෂාපද.
වත්පිරිත්
නා.ප්‍ර. චාරිත්‍රයක් වශයෙන් දිනපතා නියමිත වේලාවක කියන පිරිත.
වත්පිළිවෙත්
නා.ප්‍ර. කළ යුතු තුළ මහත් කටයුතු ; මලුපෙත් හැමදීම් ආදිය ; ගුරු වැඩිහිටි ආදීන්ට කළ යුතු වතාවත් ඇප උපස්ථාන.
වත්පොහොසත්
වි. වස්තුවලින් පොහොසත් ; සම්පත් ඇති ; ධනවත්.
වත්මන
නා. දැන් පවත්නා කාලය ; වර්තමානය.
වත්මන්
වි. දැන් පවත්නා කාලය පිළිබඳ ; වර්තමානයට අයිති ; නූතන.
වත්සම්පන්න
වි. යහපත් පැවතුම් ඇති ; මනා හැසිරීමෙන් යුත්.
වත්සයා
1. නා. වසුපැටවා ; වස්සා.
2. දරුවා.
වත්සරය
නා. අවුරුද්ද ; වර්ෂය.
වත්සල
1. වි. ආදරය ඇති; ස්නේහවන්ත.
2. ඇලුණු ; යෙදුණු.