සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1442
වත්සල රසය
නා. ස්නේහවන්ත භාවය හා ආශ්රිත කාව්‍ය රසය.
වත්සිකාකැමියා
නා. සිංහල රජ ල දවස විහාරස්ථානවලට පහන් වැටි සැපයූ නිලධාරියා.
වත්සිරිත්
නා.ප්‍ර. පැවැත්විය යුතු චාරිත්‍ර ; ව්‍රත චාරිත්‍ර.
වත්සුණු
නා.ප්‍ර. මුහුණේ ආලේප කරන සුවඳ වර්ග.
වත්හිමියා
1. නා. උපාධ්‍යායන් වහන්සේ.
2. භික්ෂූන් වහන්සේ ; ආර්යයන් වහන්සේ.
3. වස්තු ස්වාමියා ; රජතුමා.
වතායනවා
ක්‍රි. කුඹුරු හිමියාට ගොවියා විසින් ගෙවිය යුතු ලියැදි බද්ද ගෙවනවා.
වතාව
1. නා. වාරය ; අවස්ථාව.
2. කුඹුරේ ලියැදි පෙළ.
වතාවත්
නා.ප්‍ර. වත්පිළිවෙත් ; ඇප උපස්ථාන.
වතාවාරු
(කථා.) වි. දාස ; මෙහෙකාර.
වතාවිත්ති
(කථා.) නා. තොරතුරු ; වගතුග ; වතගොත.
වති
1. නා.ප්‍ර. ඉනි වැට.
2. පවුර.
3. මුහුණ.
4. වස්තුව.
5. චාරිත්‍රය.
වි. සමත් ; දක්ෂ.
වතිසුරු
වතු
1. නා.ප්‍ර. වත්ත.
2. මුහුණ.
3. කාරණය.
4. කෙසෙල්.
වි. පැමිණි ; ප්‍රාප්ත
වතු බඩ
(කථා.) නා.ප්‍ර. පිදුණු කෙසෙල් කඳේ මැද කොටස; කෙසෙල් බඩය.
වතුකන
නා. කෙසෙල් ගසෙ ඇවරි වශයෙන් පලගන්නා ගෙඩි සමූහය ; කෙසෙල් කැන.
වතුකන්
නා.ප්‍ර. වත්තේ කෙළවර.
වතුකරය
නා. තේ රබර් ආදී වගාවලින් ගහන විශාල වතු ප්‍රදේශය ; වතුයාය.
වතුපිටි
නා.ප්‍ර. වතු හා ඉඩකඩම් ; ගොඩ මඩ ඉඩම්.
වතුපෙත
නා. වතු සමූහය ; වතු පෙළ.
වතුමුව
නා.ප්‍ර. කෙසෙල් කැනේ ගෙඩි තේරී අවසන් වූ පසුව කැන අග ඉතිරිවෙන මල ; කෙසෙල් මුවය.
වතුර
1. නා. මුහුදු, ගංගා, විල්, ලිං ආදියෙහි දක්නට ඇති රසය, පැහැය, ගඳ, සුවඳ කිව නොහැකි සත්ව, වෘක්ෂ ජීවින්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය පිරිසිදු කල්හි විනිවිද පෙනෙන ද්‍රවය ; ජලය ; පැන්.
2. ගංවතුර ; දියදහර.
වතුර නම්බුව
නා. මණාලියකගේ ගෙදරට පැමිණි මණාලයාට සුදු රෙද්දකින් වැසූ වතුර බඳුනක් පිළිගැන්වීමේ උඩරට පැවැති සිරිත.
වතුර පහසුවෙනවා
ක්‍රි. පැපොල ආදි වසංගත රෝග සුව වූ පසු වතුර නානවා.
වතුර සාත්තුව
නා. ඇතැම් රෝග සුව කිරීමට වතුර මතුරා සෙත් සාන්ති කිරීම.