සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1443
වතුර සායම්
නා.ප්‍ර. චිත්‍ර ඇඳීමට ජලය මිශ්‍ර කර පාවිච්චි කරන සායම් ; දියසායම්.
වතුරකඩ
1. නා.ප්‍ර. වතුර රැඳී තිබෙන තැන ; දිය කඩිත්ත.
2. වේගයෙන් ගලා යන දිය දහර.
වතුරගල
(පාරිභා.) නා. වතුර දමා ආයුධ මුවහත් කරන ගල ; වැලිගල.
වතුරනවා
1. ක්‍රි. වැටෙනවා ; පතිත වෙනවා.
2. මී මැසි ආදිය මල් මතුපිට වහනවා.
3. යට වෙනවා.
4. යටපත් කරනවා.
වතුරමල
නා. මලක් මෙන් පෙනෙන සේ සිහින් දිය කෙඳි විහිදුවන උපකරණය ; ධාරා යන්ත්‍රය.
වතුරාන
නා. කුඹුරෙහි හෝ ගොඩබිම වතුර රඳා සිටින පහත් බිම්කඩ.
වතුරාව
නා. මඩ වගුරුබිම ; ගොහොරුව.
වතුරු ආලෝකනය
නා. ප්‍රබල ආලෝක ධාරා නිකුත් කිරීමෙන් ක්‍රීඩාපිටි, එළිමහන් රංගශාලා ආදී ස්ථාන ආලෝක කිරීම.
වතුරේ දානවා
1. ක්‍රි. අබරණ ඔප ගැන්වීමට රන් රිදී ආලේප කරනවා ; පලිප්පු දමනවා.
2. අපතේ හරිනවා ; නාස්ති කරනවා.
වතුරෝල
නා. පොළොව තළා මට්ටම් කිරීමට භාවිත ගල් රෝලකට සමාන කුඩා යන්ත්‍රය.
වතුහැන්ද
නා. පස් සමග පැළෑටි ඉදිරීමට භාවිත කරන පැතලි තලයක් ඇති බදාම හැන්ද වැනි උපකරණය.
වද
1. නා.ප්‍ර. පළල.
2. වරද.
3. කවුළුව.
4. බණ ; දේශනය.
5. වාද්‍යය ; වාදනය.
6. ජාතිය.
7. ප්‍රමාණය.
8. වගා කරන්නා ; ගොවියා.
9. රැහැන්පට ; වරපට.
10. ගාල.
11. මීමැසි ආදීන් පැණි තැන්පත් කිරීමට බඳනා වැදැල්ල.
12. හිරිහැරය.
13. ගද්‍යය.
14. වචනය.
වද අත්තිවාරම
නා. මීපැණි රැස් කිරීමට පෙර වදයේ තිබෙන කුහරවල අඩියත් කුහරය පටන් ගැන්මේ සටහනත් ඇති මී ඉටිවලින් සාදන ලද රාමුව.
වදකරුමය
(කථා.) නා. හිංසාව ; පීඩාව ; කරදරය.
වදකෙයියාව
නා. හිංසා කිරීම ; කරදර කිරීම.
වදන
1. නා. මුහුණ.
2. කට ; මුඛය.
3. වචනය ; කථාව.
4. රෝදයෙහි පූණුවට දමන තෙල ; මජන්.
වදන සතර
නා.ප්‍ර. මුහුණු සතරක් ඇත්තා වන මහා බ්‍රහ්මයා.
වදනඟන
වදනවා
1. ක්‍රි. පිවිසෙනවා ; ඇතුළු වෙනවා.
2. ප්‍රසූත කරනවා ; බිහි කරනවා.
වදන්කිස
නා. කරත්ත රෝදයට තෙල් දැමීමේ කටයුත්ත.
වදන්මුවා
නා. වචනයෙන් කරන ලද්ද ; පොත.
වදනිසුරු
[වදන් + ඉසුරු]
නා.ප්‍ර. බ්‍රහස්පති ; සුරගුරු.
වදපංගම්
නා.ප්‍ර. සිත කය වේදනා කිරීම ; බොහෝ සේ පීඩා කිරීම.
වදබදය
නා. හිරිහැරය ; වදය ; කරදරය.