සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1449
වම්පරස් වෙනවා
ක්රි. නියමිත තැන වෙනස් වෙනවා ; එකට එක, ස්ථාන මාරුවෙනවා ; ඇද- කුද වෙනවා.
වම්පොරළු
නා.ප්ර. යුද ඇඳුම ; සන්නාහය.
වම්බු
1. වි. වංචාකාර ; කපටි.
2. සල්ලාල.
වම්මනවා
ක්රි. වගුරුවනවා ; වත්කරනවා.
වම්මික
නා.ප්ර. තුඹස.
වම්මෝල
නා. වංගෙඩිය සහ මෝල්ගස.
වමාරනවා
1. ක්රි. කුසයට ගිය දෙයක් නැවත කටින් පිට කරනවා ; වමනය කරනවා.
2. ඉවත් කරනවා ; ඉවත ලනවා.
වමි
1. නා.ප්ර. තුඹස.
2. ගැහැණිය ; වමිය.
වමිත
නා.ප්ර. කාන්තාව ; ස්ත්රිය.
වි. වමනය කරන ලද ; වමාරන ලද.
වය
1. නා.ප්ර. විනාශය ; නැති වීම ; වැය වීම.
2. වාතය ; සුළඟ.
වයඃ කල්යාණය
නා. වයසෙහි සොඳුරු බව ; මහලු වියේ සිටියත් තරුණ ලෙස පෙනීම.
වයඃස්ථාපනය
නා. ආයු ප්රමාණය වැඩි කිරීම ; තාරුණ්යය පවත්වා ගෙන යාම.
වයනය
1. නා. කිසියම් ද්රව්යයක ව්යූහය හා සම්බන්ධ මූලික සංඝටක එකිනෙකට බැඳී හෝ විහිදී ඇති ආකාරය.
2. රෙදි ආදිය විවීමෙන් නූල් සකස් කර ඇති ආකාරය.
වයනවා
1. ක්රි. තූර්ය භාණ්ඩය වාදනය කරනවා.
2. හමනවා ; ඒ මේ අතට යවනවා.
වයම
නා.ප්ර. වෑයම ; උත්සාහය.
වයඹ
නා.ප්ර. උතුරටත් බස්නාහිරටත් අතර පිහිටි අනු දිශාව.
වයර්හීල්ඩ්ස්
නා.ප්ර. සිහින් කම්බිවලින් එකිනෙක වෙන් කර ගත හැකි ලෙස සාදනු ලබන කම්බි විශේෂය.
වයලීනය
නා. තත් සහිත අපරදිග සංගීත භාණ්ඩයක් ; රවිකිඤ්ඤය ; වියෝලාව.
වයෂ්කයා
නා. වයසක පුද්ගලයා.
වයස
1. නා. ආයු කාලය ; ජීවිතය පවත්නා කාල පරිච්ඡේදය.
2. ජීවිතයෙන් ගෙවී ගොස් ඇති කාලය ; ජීවත්ව සිටි කාල පරිච්ඡේදය.
3. යුගය ; සමය ; අයත් කාල පරිච්ඡේදය.
4. වසර.
වයසක
වි. මහලු වියට පත් ; වයස්ගත.
වයස්ථ
වි. සම්පූර්ණයෙන් වැඩුණු ; නිසි වයසට පත්.
වයස්ය
වි. සම වයස් ඇති.
වයස්යයා
නා. සම වයස් ඇති තැනැත්තා.