සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1450
වයානුපස්සනාව
නා. වෙනස් වීම පිළිබඳව නැවත නැවත මෙනෙහි කිරීමෙන් කරන භාවනාව.
වයි
නි. වහා ; ඉක්මණින්.
වයි යා කරනවා
ක්‍රි. වහා යනවා ; ඉක්මණින් යනවා.
වයි වයි
ක්‍රි.වි. වහ වහා.
වයිකාලය
නා. හිමිදිරි උදෑසන ; ඉරිමා උදය.
වයිකෙළිය
නා. ඔට්ටුවට කරන ගම්බද ක්‍රීඩාවක්.
වයිටමින්
නා.ප්‍ර. විටමින් බ.
වයිතාලය
නා. අලුයම ; ඉතා උදෑසන.
වයිතිකූර
නා.ප්‍ර. පින්තාරු කිරීමට ගන්නා බුරුසුව ; තෙලිකුර.
වයිතිය
1. නා. චිත්‍ර ආදිය ඇඳීමට ගන්නා තීන්ත ; ආලේපයට ගනු ලබන සායම්.
2. සිතියම් චිරස්ථායි සඳහා මතුපිට ගල්වන ආලේපය.
3. අරුණාලෝකය.
වයිද්දය
(කථා.) නා. 1. ශාන්ති කර්මය ; තොවිලය ; යාගය.
2. වෙදකම.
වයිනඩය
1. නා. විකාරය.
2. විකාර ඇඳුම.
වයින්
1. නා.ප්‍ර. මිදි කජු යුෂ ආදියෙන් පෙරා ගනු ලබන මද්යසාරී බීම වර්ගයක්.
2. එතීම ; වෙළීම ; කරකැවීම.
වයින් කරනවා
ක්‍රි. යන්ත්‍රයක දුනුපට එතීම සඳහා යතුර කරකවනවා.
වයින් ස්ප්‍රීතු
නා.ප්‍ර. පිරිසිදු කළ එතිල් නමැති මද්‍යසාරය.
වයිපරය
නා. වාහනයක ඉදිරිපස වීදුරුවේ රැඳෙන වැසි, පිනි බිඳු ආදිය පිස දමන උපකරණය.
වයිරක්කාරයා
නා. සතුරා ; තරහකාරයා.
වයිරක්සීන
වි. නා නා වර්ණ ඇති ; විවිධ පාට ඇති.
වයිරන්
වි. ඉරි වැටුණු ; පුල්ලි සහිත.
නා.ප්‍ර. ඉරන ලද සමහර ලීවල ද, සමහර පාෂාණවල ද අලංකාර රටාවක් ලෙස විහිදෙන රේඛා රටාව.
වයිරය
නා. තරහ අයකු කෙරෙහි සිතෙහි බැඳගත් ක්‍රෝධ සහගත චේතනාව ; බද්ධඝාතය ; ක්‍රෝධය.
වයිරසය
නා. බැක්ටීරියාවකටත් වඩා කුඩා සාමාන්‍ය අන්වීක්ෂයකට පවා නොපෙනෙන ජීව මාධ්‍යවල දී පමණක් බෝවෙන ආසාදන අංශුව ; ඉතා ම කුඩා විෂ බීජය.
වයිලනවා
(කථා.) ක්‍රි. 1. නිදියනවා ; බුදියනවා.
2. ඉඳ ගන්නවා.
වයිවර්ණ
වි. නා නා පැහැයෙන් යුත් ; නොයෙක් පාට ඇති.
වයිවලංගුව
නා. ගැළපීම ; සුදුසුකම ; ඔබිනකම.