සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1451
වයිවාරන්න
වි. නොයෙක් වර්ණ ඇති.
නා. ඇනුම් බැණුම්.
වයිවාරම
නා. ජේත්තුව ; උජාරුව ; අනවශ්‍ය ප්‍රමාණයේ අලංකාරය.
වයෝ
නා.ප්‍ර. වයස ; ආයුෂ.
වයෝවෘද්ධයා
නා. වයස්ගත තැනැත්තා ; මහල්ලා.
වර
වි. උතුම් ; ගරු කටයුතු.
1. නා.ප්‍ර. නිවන.
2. දෙව්, රජ, ආදීන්ගෙන් ඉල්ලා සිටින අනුග්‍රහය ; වරප්‍රසාදය.
3. විවාහය.
4. මණාලයා ; වල්ලභයා.
5. බෑනා.
6. ගෘහය ; අසපුව.
7. ගලායන දිය දහර.
8, වංශය ; පෙළපත.
9, ප්‍රමාණය ; පදම.
10. ස්වභාවය ; ආකාරය.
11. කාලය ; අවස්ථාව.
12. මුරය ; වාරය.
13. දවස.
14. බෙර ඇස් තද කරන ලණුව ; වරපට.
15. සම.
16. මෙහෙ කිරීම ; මෙහෙවර.
වර කවනවා
ක්‍රි. රැහැන් කඹ ආදියේ පොටවල් එකට තදව සිටින සේ අඹරනවා ; දඟ දමනවා.
වර පර්යංකය
1. නා. උතුම් ආසනය.
2. බුද්ධත්වයට පත් අවස්ථාවෙහි සිදුහත් තවුසාණන් වැඩ හුන් විලාසය.
වර පලය
1. නා. උතුම් ලාභය ; උසස් ප්‍රතිඵලය ; වැඩි ඵල ප්‍රයෝජන.
2. පොල්ගෙඩිය.
3. දෙහි ගෙඩිය.
වරකයා
1. නා. විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිටිත තැනැත්තා.
2. (පාරිභා.) ඡන්ද දායකයා ; ඡන්ද හිමියා
වරක්කලය
නා. ලෑලි ආදිය නියමිත ප්‍රමාණයකට ඉරීමට හා කැපීමට සමාන්තරව ඉරි ඇඳ ගැනීමට ගන්නා උපකරණය.
වරකා
නා.ප්‍ර. ඉදුණු කොස්.
වරකොළය
නා. වැපිරීමේ දී ගිය වියදමට සරිලන ධාන්‍ය කොටස වශයෙන් හෝ හේන් ප්‍රමාණය අනුව හෝ ගොවියා විසින් ඉඩම් හිමියාට ගෙවිය යුතු බද්ද.
වරගල
නා. දැලි පිහිය මුවහත් තබන ගල ; කරගල.
වරගිර
නා. අපර පර්වතය ; අවරගිර.
වරගුණ
නා.ප්‍ර. උදාර ගුණ ; උතුම් ගුණාංග.
වරඟන
1. නා. උතුම් ස්ත්‍රිය ; උසස් කුල කාන්තාව.
2. වෛශ්‍යාව.
වරච්ච
වි. ඉවර වූ, අවසන් වූ ; වැරෑ ; පල ගැනීම නතර වූ.
වරණ
වි. උතුම් ; ශ්‍රේෂ්ඨ.
1. නා.ප්‍ර. ඇතා.
2. තොල.
3. ප්‍රාකාරය.
4. ආවරණය ; මුවාව.
වරණ ශක්මතාව
නා. සමූහයකින් එකක් තෝරා ගැනීමට ඇති හැකියාව.
වරණය
1. නා. කීපයක් අතුරෙන් එකක් තෝරා ගැනීම.
2. දුරු කිරීම ; ඉවත් කිරීම.
3. කැමැත්ත ; ප්‍රාර්ථනා.
වරත
1. නා.ප්‍ර. (කථා.) හරක් රංවුව.
2. වරද.
3. පිළිවෙළ.
වරත්තු
වි. තැන් තැන්වල ඇවිදින ; ගෙන් ගෙට යන.
වරත්රාව
1. නා. සම් ආදියෙන් ඇඹරූ යොත ; රැහැන.
2. කෘමීන්ගේ උපමෙන්ටමයේ පතුල දරා සිටින ඇදෙන සුලු පටිය.
වරතිර
නා.ප්‍ර. කුළිය ; වැටුප.