වර

vara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. උතුම් ; ගරු කටයුතු.
1. නා.ප්‍ර. නිවන.
2. දෙව්, රජ, ආදීන්ගෙන් ඉල්ලා සිටින අනුග්‍රහය ; වරප්‍රසාදය.
3. විවාහය.
4. මණාලයා ; වල්ලභයා.
5. බෑනා.
6. ගෘහය ; අසපුව.
7. ගලායන දිය දහර.
8, වංශය ; පෙළපත.
9, ප්‍රමාණය ; පදම.
10. ස්වභාවය ; ආකාරය.
11. කාලය ; අවස්ථාව.
12. මුරය ; වාරය.
13. දවස.
14. බෙර ඇස් තද කරන ලණුව ; වරපට.
15. සම.
16. මෙහෙ කිරීම ; මෙහෙවර.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උතුම්; පු. විශේෂ අවසරය හෝ ලාභය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. සංවරණෙ, සංවරණයෙහි, වරති, ආවරණය කරයි.
න. ස්වල්පය, ප්‍රිය, නිවන.
√ චු. වාරණෙ, වැළකීමෙහි, වාරෙති, වාරයති, වළක්වයි.
ති. උතුම්, ශ්‍රේෂ්ඨ, කොකුම්, කුඞ්කුම.
√ චු. ඉච්ඡායං, කැමැත්තෙහි, වරෙති, වරයති, කැමතිවෙයි, රුචිවෙයි. (පි. 460)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. diamond
2. a. noble
3. st. skin
4. st. turn

Digital Pāḷi Dictionary