බුද්ධදත්ත පාලි අකාරාදිය – 599

වම්භී

3. අනුන් පහත් කොට කථා කරන්නා.

වම්භෙත්වා

පූ.ක්‍රි. අනුන්ට නිග්‍රහ කොට.

වම්භෙති

(වම්භ+ණෙ) අනුන් පහත් කරයි; අවමන් කරයි.

වම්භෙන්ත

3. අනුන් පහත් කරන; අවමන් කරන.

වම්ම

න. යුද්ධ ඇඳුම; සන්නාහය.

වම්මි

3. සන්නද්ධ වූ ; සන්නාහ ඇත්තා.

වම්මිත

3. යුද්ධ ඇඳම් ඇඳගත්; සන්නද්ධ වූ .

වම්මෙති

(වම්ම+ණෙ) යුද්ධ ඇඳුම් අන්දවයි; සන්නද්ධ කරවයි.

වමිත්වා

පූ.ක්‍රි. වමනය කොට.

වමිතුං

නි. වමාරන්ට.

වය

න. ගෙවීයාම; ව්‍යය; වයස; වියදම.
පු. ගෙවීයාම; ව්‍යය; වයස; වියදම.

වයකරණ

න. වියදම් කිරීම.

වයකල්‍යාණ

න. තරුණ වයස; යහපත් වයස.

වයද්ධ

3. තරුණ වූ; යෝග්‍ය වයසට පත්.

වයනිට්ඨකා

ගඩොල්.

වයපත්ත

3. යොග්‍ය වයසට පැමිණි; වැඩිවිය පැමිණි.

වයස්ස

පු. මිත්‍රයා.

වය්හ

න. උසුළා ගෙන ගිය හැකි මැසි ආදිය; වාහනය.

වයොවුද්ධ

3. වයසින් වැඩි සිටි.

වයොහර

3. ආයුෂය පැහැර ගන්නා වූ.

වර

3. උතුම්; පු. විශේෂ අවසරය හෝ ලාභය.

වරක

පු. ධාන්‍ය වර්ගයක්.

වරඞ්ගනා

ඉ. උතුම් ස්ත්‍රිය.

වරණ

පු. ලුණුවරණ ගස.