සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1452
වරද
1. නා.ප්‍ර. සිරිත් විධි ඉක්මවා හෝ නීති විරෝධීව කරන ක්‍රියාව.
2. අපරාධය.
3. අනාචාරය.
4. අතපසු වීම.
5. යුවරජ.
වි. වැරදි සහගත ; දොස් සහිත.
වරදානය
නා. උතුම් දානය.
වරදැල
නා. වන සතුන් ඇල්ලීමට භාවිත කරන සම් පටිවලින් ගෙතූ දැල.
වරදැල්ල
(කථා.) නා.ප්‍ර. අස්වැද්දීමට නොහැකිව අත්හළ හේන.
වරදිය
නා. බීමට සුදුසු සේ පිළියෙල කරගත් පැන් ; දියවර.
වරදෙටු
නා.ප්‍ර. කාර්මිකයින්ගේ ප්‍රධානයා.
වරධන
නා.ප්‍ර. ඉතා වටිනා වස්තුව.
වරනගනවා
ක්‍රි. නාමපද හා ක්‍රියාපද අදාළ සේ විභක්ති, වචන, කාල, පුරුෂ අනුව විවිධ රූප ගන්වනවා.
වරනවා
1. ක්‍රි. අරිනවා ; විවෘත කරනවා.
2. වළක්වනවා.
3. පලදාව අඩුවෙනවා.
වරපට
නා. රැහැන ; ලණුව.
වරපත්රය
නා. බලපත්‍රය ; මුදල් හුවමාරු කිරීමේ පහසුව සලසන බලපත් විශේෂයක්.
වරපනිනවා
ක්‍රි. වේලාව පසු වෙනවා ; කාලය ගත වෙනවා.
වරප්‍රසාදය
නා. විශේෂ අයිතිවාසිකම් ; සේවය පිළිබඳව පැහැදීමෙන් දෙන වරය.
වරපොලය
නා. ගොයම් පැළ සිටුවීම හා ගොයම් නෙළීම සඳහා කාන්තාවන්ට දෙනු ලබන ධාන්‍ය කොටස.
වරබත
නා. වාර වශයෙන් දෙන බත ; මුර දානය ; සලාක බත.
වරබාන
නා. සම්වලින් ඇඹරූ වයල ලණුව ; සමින් කළ රෑන.
වරම්
නා.ප්‍ර. බලමහිමය ; කිසියම් කටයුත්තකට දෙන විශේෂ අවසරය.
නා.ප්‍ර. කිසියම් කටයුත්තක් කිරීම සඳහා දෙන විශේෂ අවසරය ; ආශිර්වාදාත්මක බලය ; දෙවියන්ගෙන්, භූතයන්ගෙන් හෝ රජවරුන්ගෙන් ලැබෙන විශේෂ බලය.
වරම් රජදරුවෝ
නා.බහු. සිවු දිශාවලට අධිපති සේ සැලකෙන ධෘතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන ; සතරවරම් දෙව්වරු.
වරඹ
නා. උතුම් ස්ත්‍රිය; වරාංගනාව.
වරල
1. නා. හිසෙහි දික්ව වැඩුණු කෙස් ; කෙස් වැටිය.
2. පිහිනීමට හැරීමට හා සමබරතාව සඳහා මත්ස්‍යයන්ට උදව්වන හබලක් වැනි අවයවය ; වල්පත ; මාලු වරල්.
3. පේළිය ; පන්තිය.
වරලක්ෂණ
නා.ප්‍ර. සිරුරෙහි පිහිටි උතුම් ලක්ෂණ ; මඟුල් ලකුණු.
වරලත්
වි. රජයෙන් හෝ ව්‍යවස්ථාදායකයෙන් හෝ අවසර පත්‍රයක් ලබා ඇති.
වරලස
නා. කේශ කලාපය ; කෙස් කලඹ.