සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1453
වරල් නාරටි
නා.ප්ර. මත්ස්යයකුගේ වරල් ක්රියා කරවන සියුම් ශිරා පද්ධතිය.
වරලිත්ත
නා. මත්ස්යයකුගේ සිඟිති වරල ; කුඩා වරල්පත.
වරලු
1. නා.ප්ර. වන පන්තිය ; වන පෙළ.
2. වකුටුබව.
3. මත්ස්යයන්ගේ කනේ පිට කොටස.
වරවමිය
නා. උතුම් කාන්තාව.
වරවර්ණිනි
නා.ප්ර. ශ්රී කාන්තාව ; ලක්ෂ්මී.
වරව් කරනවා
ක්රි. නියමිත ගණනින් ප්රමාණයෙන් අඩු කරනවා ; හිලවු කරනවා.
වරව්ව
නා. නියමිත ගණනකින් අඩු කිරීම.
වරහන
(පාරිභා.) නා. 1. ලේඛනයෙහි යම් පද, සංකේත ආදිය ඇතුළු කොට හෝ වෙන් කොට දැක්වීම සඳහා යොදන රවුම් හෝ කොටු හෝ ද්විත්ව සංකේතය (නිද. (), [], {} ආදී වශයෙනි).
2. යක් නැටුම්වලදී නැට්ටුවන් භාවිත කරන ඇඳුම.
වර්ග අංකය
නා. වර්ග කිරීමක් සඳහා යොදන අංකය.
වර්ග අඟල
නා. දිගින් අඟලක් සහ පළලින් අඟලක් වූ මැනීම් ඒකකය ; හරි හතරැස් අඟල.
වර්ග අඩිය
නා. දිග අඩියක් සහ පළල අඩියක් ඇති ප්රමාණය.
වර්ග ඒකකය
නා. වෙන් වෙන් ව දැක්විය හැකි හරි හතරැස් කොටස.
වර්ග කරණිය
(පාරිභා.) නා. පූර්ණ සංඛ්යාවක් හෝ භාග සංඛ්යාවක් වශයෙන් කිව නොහැකි වර්ග මූලය ; අපරිමේය රාශිය.
වර්ග කෝෂය
නා. භාණ්ඩ ආදිය වර්ග කොට වෙන්කර දැක්වෙන ලැයිස්තුව.
වර්ග කෝෂ්ටය
නා. රාශිගත ග්රහයන් කාණ්ඩ කිරීම සඳහා අවශ්ය ස්ථානය.
වර්ග ජීවිතය
නා. සමූහ වශයෙන් ගෙවන කාල පරිච්ඡේදය ; කණ්ඩායම් ජීවිතය.
වර්ග නාමය
නා. පරපුරින් පැවත නාමය. එන කුල නාමය ; පරම්පරා නාමය.
වර්ග පඤ්චමාක්ෂර
නා.බහු. සිංහල හෝඩියේ ක- ච- ට- ත- ප යන වර්ගවලට අයත් ඬ, ඤ, ණ, න, ම යන අක්ෂර පහ.
වර්ග පද්ධතිය
නා. වර්ගවල එකතුව ; කොටස් වශයෙන් එක්රැස් වීම ; වර්ගයන්ගේ ඒකරාශීවීම.
වර්ග පස
නා. සිංහල හෝඩියේ අක්ෂර වෙන්වන කොටස් පහ ක ච ට ත ප වර්ගවලට අයත් අකුරු.
වර්ග ප්රඥප්තිය
(පාරිහා) නා. එක් කාණ්ඩයක පිළිවෙළ දැක්වීම.
වර්ග ප්රමාණය
නා. යම් පෘෂ්ඨයක දිග ප්රමාණය හා පළල ප්රමාණය එකිනෙකින් වැඩි කිරිමෙන් ලැබෙන ගිණුම් ප්රමාණය ; ක්ෂේත්රඵලය.
වර්ග පුරුක
නා.ප්ර. හරි හතරැස් පුරුක ; පැති හතරෙන්ම සම වූ පුරුක ; වර්ග පර්චසය.
වර්ග සංඛ්යාව
නා. සංඛ්යාවක් එම සංඛ්යාවෙන්ම ගුණ කිරීමෙන් ලැබෙන ඵල ප්රමාණය ; වර්ගය.