සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1448

වපනය

1. නා. හිස මුඩු කිරීම.
2. වැපිරීම.

වපර

වි. දෙ ඇස්හි කළු ඉංගිරියා සම සේ චලනය නොවීමෙන් විකෘති ලෙස පිහිටි ඇස් ඇති.

වපරය

නා. ඇද වූ කළු ඉංගිරියාව සහිත ඇසින් බලන බැල්ම ; විකෘති ලෙස කළු ඉංගිරියාව පිහිටීම.

වපසරිය

නා. වැපිරීම කරන බිම් ප්‍රමාණය ; වපුරන වර්ග ප්‍රමාණය.

වප්

1. නා.ප්‍ර. වප බ.
2. පවුර ; තාප්පය.

වප් හෙළනවා

ක්‍රි. බැත ඉසිනවා ; වපුරනවා.

වප්කඩ

නා.ප්‍ර. වක්කඩ බ.

වප්පත

නා. වී වැපිරීමට සකස් කළ ලියැද්ද.

වප්පැන්

නා.ප්‍ර. වපුරන විට කුඹුරෙහි ඇති ජලය.

වප්පෙට්ටිය

නා. කුඹුරට ඉසිනු ලබන පැළවුණු බීජ වී බහා තබන පෙට්ටිය.

වප්මඟුල්

නා.ප්‍ර. කුඹුරුවල වී වැපිරීම පටන් ගන්නා දින කරන උත්සවය ; සීසාන මංගල්‍යය.

වපාව

(පාරිභා.) නා. ආහාර මාර්ගයේ නැමීම් කීපයක් යා කරන මස්තු පටලයේ කොටසක්.

වපි

නා.ප්‍ර. වාපිය ; වැව.

වපු

1. නා.ප්‍ර. සිරුර.
2. කුණ්ඩලාභරණය.

වපුරනවා

1. ක්‍රි. වී ආදී ධාන්‍ය වර්ග පැළවීම පිණිස ඉසිනවා.
2. පතුරුවනවා ; ප්‍රචාරය කරනවා.

වම

1. නා. වම් පැත්ත ; වාම පාර්ශ්වය ; දකුණට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය ; වමත.
2. වම් අත.
3. වාමාංශික මත දරන දේශපාලන කණ්ඩායම.

වමත

1. නා. වම් අත ; වාම හස්තය.
2. වම්පැත්ත.

වමත් කාරයා

නා. වම් අත හුරු තැනැත්තා ; වම් අතින් වැඩ කටයුතු කරන්නා.

වමත්පොට

නා. ඉස්කුරුප්පු ඇණ ආදියෙහි වම් අතට කැරකුණු දඟරය.

වමත්සවු

නා.ප්‍ර. බුදුන් වහන්සේගේ වම් පසින් සිටින දෙවැනි අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේ ; මුගලන් මහ රහතන් වහන්සේ.

වමනය

නා. ආමාශයේ ඇති නොදිරවූ ආහාර ආදිය වේගයෙන් මුඛ මාර්ගයෙන් පිට කිරීම ; උද්ගාරය.

වමන්

නා.ප්‍ර. අවමානය ; නින්දාව.

වමරැසි

වි. වපර ඇස් ඇති.

වම්

1. නා.ප්‍ර. වම්පස.
2. යුද්ධයේදී අඳින යකඩ තොප්පි.
3. යුද ඇඳුම් සන්නාහ.